IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කලු ජූලිය සහෝදරත්වයේ දිනයක් කරයි

(අංජුල මහික වීරරත්න)

රටේ නැවතත් කිසිදු ලෙසකින් ජාතිවාදී යුද්ධයක් ඇතිවීමට  තරුණ පරම්පරාව ඉඩ නොතබන බව බව සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා යාපනයේ දී පැවසීය. 

ඉතිහාසයේ දඬු, මුඟුරු,පොලු රැගෙන උතුරට පැමිණි යාල් දේවිය අද පොත් සහ පැළ පුරවාගෙන යාපනයට පැමිණි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

සහෝදරත්වයේ දිනය වෙනුවෙන් යාල් දේවී දුම්රියෙන් යාපනයට පැමිණි සමාජවාදී තරුණ සංගමය යාපනය දුම්රිය ස්ථානයේ පැවති පිළිගැනීමකින් පසු දුම්රිය ස්ථානයට පොත්පත් ලබාදී

එහි සිට පා ගමනින් යාපනය ට්‍රිමර් ශාලාව වෙත පා ගමනින් පැමිණියේය. එහි දී සංස්කෘතික උළෙලක් පැවැත්වුණි. 

යාපනය ට්‍රිමල් ශාලාවේ පැවැති උත්සවයේ දී අදාස් දක්වමින් මාජවාදී තරුණ සංගමයේ ජාතක සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසුවේ සමාජවාදී තරුණ සංගමයේ අවසාන අරමුණ වෙන්නෙ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීම බවයි.  

එක අඳුරු යුගයක් අවසන් කර ජාතිවාදය මතවාදීමය වශයෙන් පරාජය කර අවසන් බවත්  ජාතික සමගියේ දිශාවට ගමන් කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය. 

ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැංවීමේ පෙරගමන්කරුවන් ලෙස තරුණ පරම්පරාව ඉදිරියට පැමිණිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. 

 



අදහස් (6)

කලු ජූලිය සහෝදරත්වයේ දිනයක් කරයි

යෝගා Thursday, 24 July 2025 10:44 AM

ඔය යල්පැනගිය කැටයම් වලට උතුරේ කොල්ලො කෙල්ලො අහුවෙන්නේ නෑ හලෝ. ඒ අයට ඕන රැකියා, ආදායම් අවස්ථා, ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගන්න පුළුවන් පරිසරයක්.

:       11       12

විපරමාThursday, 24 July 2025 01:21 PM

යාපනේ පුස්තකාලය ගිනි තියාපු ජාති බේද අවුලපු,,,උතුරේ ජනතාව සතු වටිනා සම්පත් පවා කොල්ල කාපු,කොටින්ට සල්ලි දීලා උතුරේ චන්දේ වළක්වපු බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ට සහ උන්ගේ වහලුන්ට රිදෙනවා ඇති.ජිවත් වෙන ටික කාලේ සමගියෙන් සාමයෙන් සහජීවනයෙන් ජීවත්වීම කොයිතරම් හොන්ද ද?

:       4       3

අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 11:05 AM

දකුණෙන් උතුරට කඩු, පොලු, පෙට්‍රල් බෝම්බ සහ අත් බෝම්බ සමග මැර දේශපාලනය අරගෙන ගිය යුගයක් තිබුණා! ඒ වෙනුවට පොත්, පැල සහ සහෝදරත්වය අරගෙන යන එක හොදයි, නමුත් ඊට වඩා දේවල් උතුරට අවශ්‍යයි. අන්න ඒවා අරගෙන යන්න උත්සාහ කරන්න.

:       0       0

පන්සිළු Thursday, 24 July 2025 12:10 PM

ඔය මොන වෛවාරන මෝස්තර වලින් කතා කළත් කොටියා කොටියාමයි. නිකන් දෙකට නැමෙන එක විතරයි වෙන්නේ. ඒක කලා අවුරුදු 30 ක් තිස්සේ . ඒත් ඔවුන්ට තේරුනේ නෑ. ඊට පස්සේ මහින්ද මහතා අන්තිමට තේරෙන භාශාවෙන් කතා කළා. බොරු හුරතල් දාන්නෙ නිවට කමට. ලාංකික ආකල්ප ඇති අප සමඟ ඉන්න දෙමළ ජනතාවකුත් ඉන්නවා. ඊට වඩා භයානකයි, නැගෙනහිර අන්තවාදය. දෙකට නැමීගෙන නම් මේවා ඉවර කරන්න බෑ.

:       0       0

pakeer Thursday, 24 July 2025 01:20 PM

හැමෝටම වාහන, හොඳ ගෙවල් ඕනේ නම් මහන්සි වෙලා නිෂ්පාදන ක්‍රියාලියට හවුල් වෙයල්ලා. නිෂ්පාදනයක් නැති තැන ආර්ථික දියුණුවක් නෑ. හැමෝම බලන් ඉන්නේ නි්කන්ම ඉඳන් දියුණු වෙන්න.

:       2       3

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 24 July 2025 05:56 PM

සහතික ඇත්ත. උතුරේ අයට ඕන මැතිවරණ වලට පෝස්ටර් අලවලා එකේ හිලව්වට රැකියා, අදායම් අවස්ථා, මැතිවරණ කාලෙට ගෙයක් දොරක් හදාගන්න සිමෙන්ති, ටකරං තහඩු පිනට දෙන, වාහනයක් අරගෙන, ඒකට තෙල් ගහන්න ෂෙඩ් එක ගාව පෝලිමක් ඇති පරිසරයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site