( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුලි පදනමට රැගෙන ආ වෑගන් ආර් මෝටර් රථයක රියදුරුට බරපතල තුවාල සිදුකර වාහන පැහැර ගැනිම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ සැකකාර යුවළක් පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් දඹදෙනිය ප්‍රදේශයෙදී ඊයේ (16) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම ආඩිගම හා දඹදෙනිය ප්‍රදේශ වල පදිංචිව අවුරු 21 හා 24 වියෙ පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශ වල වාහන කොල්ල කෑමට සම්බන්ධ තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වු තරුණ යුවලක් බව කියයි.
මෙම සැකකාර යුවල අවසන් වරට පසුගිය 9 දින වෙන්නප්පුව තෝප්පුවේ සිට ආඩිගම වෙත ගමන් කිරීම සදහා කුලියට වාහන ලබා දෙන ආයතනයක් සම්බන්ධ කරගනිමින් වැගන් ආර් රථයක් කුලි පදනමට රැගෙන විත් ඇත.
අනතුරුව ආඩිගම පාළු ප්‍රදේශයකදි මෙම සැකකාර යුවල රියදුරුට තියුණු ආයුධ වලින් පහර දි වාහනයෙන් ඇද දමා වාහනය පැහැර ගැනිම සම්බන්ධව දිගින් දිගටම කල විමර්ශන වලින් පසු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් මෙම සැකකාර යුවල දඹදෙනිය ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුනී.
මෙම සැකකාර යුවල අවුරුදු දෙකකට ආසන්න කාලයක් එකට දිවි ගෙවන බවත් ඔවුන් විවාහ වි නොමැති බවත් මත්ද්‍රව්‍ය සදහා මුදල් සොයා ගැනිම සදහා එකට දිවි ගෙවමින් මෙවැනි අපරාධ සිදුකර ඇති බව අනාවර්ණය වි තිබේ.
නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද
දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුලියට ගමන් යන මුවාවෙන් වාහන ඉස්සූ යුවළක් දැලේ