IMG-LOGO

කලුතර ප්‍රා.සභා.හිටපු උප සභාපති රිමාන්ඩ්

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි )

පාසල් සිසුන් පිරිසකට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්  කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුවූ  ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් වජිර ලක්ෂ්මන් අසුරප්පුලි මහතා ඊයේ (06) සවස නියෝග කළේය .

මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර වස්කඩුවේ පදිංචිකරුවෙකුවූ සීක්කු ආරච්චිගේ නන්දන සිල්වා නම්වූ අයටය .

කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඉකුත් 05 වැනිදා දහවල් කළුතර නාගස් හංදියේ සිදුවූ ගැටුමකට මොහු මැදිහත්වී ඇති බව පොලිසිය කියයි .මොහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම වූයේ මෙම ගැටුමේදී  ඔහුද තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ගැටුමෙන් තුවාල ලැබූ එක් සිසුවෙකු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි .

 



අදහස් (0)

කලුතර ප්‍රා.සභා.හිටපු උප සභාපති රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 44 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1593 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1713 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site