
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ නිවසකින් කරවල මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනොකු එම නිවස හිමි ව්‍යාපාරිකයාට ඊයේ රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
ව්‍යාපාරිකයට වෙඩි තැබීමට උත්සහා කරද්දී එහි පොතොරම දෝෂයකින් බිම වැටී ඇත.
වෙඩික්කරු එම පතොරම නැවත අහුලා ගෙන ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විට අදාල ව්‍යාපාරිකයා නිවස තුලට ගොස් දොර වසා ගැනීම නිසා ඔහු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.
යතුරු පැදියකින් සැකකරුවන් දෙදෙනා පැමීණ ඇති අතර ඔවුන් කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පලමුව පවසා තිබේ.
ඔවුන් පිළිබඳව ඇති වු සැකය මත ව්‍යාපාරිකයා සිල්ලර මිලට කරවල ලබා නොදෙන බවත් තොග පමණක් අලෙවි කරන බවත් පවසා තිබේ.
ඉන් අනතුරුව සැකකරුවන් පිටව යාමට සූදානම් වී සගවා ගෙන සිටි ගිනි අවියෙන් වෙඩි තැබීමට උත්සාහ කර තිබෙන බවද කියති.
කෙසේ වෙතත් මෙම සිද්ධියට නිශ්චිත හේතුව හෝ පැමිණි සැකකරුවන් කවුරුන්දැයි හදුනා ගෙන නොමැත.
එම සිද්ධිය සී.සී.ටී.වී කැමරා පද්ධතියක පටිගත වී ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් පැමිණි යතුරු පැදියේ අංක තහඩුව හදුනා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd