(කේ බුද්ධික කුමාරසිරි)
E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක් අද (11) දින දොම්පෙ දී අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකය පවසයි
එක් අයෙකුගෙන් රුපියිල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බවට අනාවරණය වී ඇත
රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වංචා කර කොරියාවේ රැකියා සඳහා යාමට අවස්ථාව ලබා නොදුන් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි පහක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබූ අතර එම පැමිණිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ දහතුනකට ආසන්න මුදලක් වංචා ලෙස මෙම සැකකාරිය විසින් ලබාගෙන තිබුණි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුම්පිය ප්‍රදේශයෙන් පදිංචිකාරයක වන 32 හැවිරිදි කාන්තාවකි
අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට පූගොඩ මයිස්ටත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ මිනිස්සු රටත්, සමාජයටත්, මහ පොළවටත් බාරයි. ඒ වගේ මිනිස්සුන්ව පාර මැද තියලා ගල්ගහලා මරන්න ඕනේ.