IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කොරියා ඍතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

කොරියානු ජන රජයේ කෘෂිකර්මාන්ත සහ ධීවර කටයුතු සඳහා සෘතුමය ශ්‍රමිකයින් යෙදවීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොරියානු ජන රජයේ B - 8 වීසා කාණ්ඩය (ඍතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025 -02-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අවබෝධතා ගිවිසුම ඇති කර ගැනීම සඳහා කොරියා ජන රජයේ උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා පවත්වා ඇත. කොරියා ජන රජයේ යොවෝල් පළාත් පාලන ආයතනය සමඟ පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත. 

යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (මාස 5 සිට 8 දක්වා) යොන්වෝල් පළාතේ කෘෂිකාර්මික හා ධීවර ගම්මාන වල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත. 

යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය  ලැබී තිබේ. ඒ අනුව, යොන්වෝල් පළාත් පාලන ආයතනය සමඟ අදාල අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කොරියා ඍතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 159 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site