
(අංජුල මහික වීරරත්න)
ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛන්ඩව ලබා දීම සඳහා ඉදිරි තෙවසර තුළ ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පත්වීම් ලිපි ප්‍රදානය මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී සිදුවිය.
ආයුර්වේද වෛද්‍ය සභාව සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 23 දෙනකු ගෙන් සමන්විත වන අතර ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානයෙන් අනතුරුව පළමු ආයුර්වේද වෛද්‍ය සභා සැසිවාරය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පැවැත්විණි.
මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ඉදිරි කාලය තුළ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල් සහ සෞඛ්‍ය ආයතන වලට සැපයීම, මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම, සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ප්‍රධාන ධාරාවන් 5 ඔස්සේ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමකට ඔසවා තැබීමට සැලසුම් සකස් කර ඇති බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවය හොඳට දෙන්න කලින් දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයෝ ඇඟිලි සළකුනුවන් නොමැතිව ලක්ෂ ගණන් හොරට අනිකාල ගන්න එක නවත්තන්න. දුප්පන් මිනිස්සුන්ගේ බදු සල්ලි, සමහර රෝහල් වල සමහර දොස්තරල වැඩ කරන්නේ මාසෙටම දවස් 10. ඉතුරු දවස් ඔක්කොම පුද්ගලික සේවයේ. මාසෙ අන්තිමට ඩයරිය බැලුවාම දවස් 30 ම වැඩ කරල විකිරණ ශිල්පීන් රසායනාගර අය වැඩිපුර ඉන්නේ රෝහල ඉස්සරහ දගෙන ඉන්න තමන්ගේ පුද්ගලික කඩේ.