IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ක්‍රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය

(අංජුල මහික වීරරත්න)

ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවත්,  ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන බවත්, ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (0)

ක්‍රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site