IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ක්‍රීඩාවේ දූෂණ නවත්තන නියෝග පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ විධිවිධාන මඟින් ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කරන ලද ක්‍රීඩා නියෝග වරින් වර සංශෝධනය කිරීම හේතුවෙන් විවිධ අපහැදිලිතා මතුව ඇති බවත්, ක්‍රීඩාව දේශපාලනීකරණය වීම හේතුවෙන් ක්‍රීඩාවේ තිබිය යුතු ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය ගිලිහි යමින් පවතින බවත් නිරීක්ෂණය කර ඇත. 

එබැවින්, ක්‍රීඩාව තුළ සිදු වන වංචා හා දූෂණ වැළැක්වීමේ සහ ස්වාධීන හා අපක්ෂපාතී ලෙස ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමේ අරමුණු සහිතව ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලනය, කාර්යය, බලතල, කර්තව්‍ය සහ පොදු විධිවිධාන සම්බන්ධයෙන් 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග සාදනු ලදුව අංක 2437/24 දරන 2025-05-21 දිනැති අති විශෙෂ ගැසට්‌ පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. 

එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ක්‍රීඩාවේ දූෂණ නවත්තන නියෝග පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site