
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආහාර පිසින, නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්‍රිත රැකියාවන් හි නිරත පුද්ගලයන් 50,000 ක් සඳහා සිංහල හින්දු අලුත් අවුරුදු සමයට පෙර “ටයිපොයිඩ්” එන්නත ලබාදීමේ වැඩසටහනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ වසංගත රෝග විද්‍යා අංශය මේ දිනවල ක්‍රියාත්මක කර ඇත.
මෙරට “ටයිපොයිඩ්” රෝග ව්‍යාප්තිය හා රෝගය වැළදීම පිළිබඳ ව වාර්තා වු දත්ත පාදක කර ගනිමින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තුවක් මත මෙම එන්නත ලබා දෙයි. “ටයිපොයිඩ්” රෝගය වැළදීමේ හා පැතිරීමේ වැඩි ම ප්‍රවණතාවය ආහාර පිසීම, ආහාර නිෂ්පාදනය හා අලෙවි ක්ෂේත්‍ර මුලික කර ගනිමින් සිදුවන බව ගෙවුණු වසර කිහිපයක සංඛ්‍යා ලේඛණ අනාවරණය කර ඇත.
එබැවින් එම ක්ෂේත්‍ර වල සේවයේ නියුතු පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය තිලංග රුවන් පතිරණ මහතා සඳහන් කළේ ය.
මෙම එන්නත ලබාගැනීම තුළින් “ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වන අතර, රෝගය පැතිරීමේ අවදානම ද තුරන් වේ.
මෙරට සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් දැනට ස්ථානගත කර ඇති අතර, එම පිරිස දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 358 ක් තුළින් එක්රැස් කරගත් දත්ත පාදක කර ගනිමින් මෙම “ටයිපොයිඩ්” එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
ජංගම ආහාර වෙළෙන්දන්, ආපන ශාලා සේවකයින්, ජනාකීර්ණ ස්ථානවල ආහාර අලෙවි කරන්නන් මෙන්ම අධ්‍යාපන ආයතන, පාසල් සහ අනෙකුත් ආයතන වෙත සමූහ ලෙස ආහාර පිසින, අලෙවිකරන සහ බෙදාහරින පුද්ගලයින් ඉළක්ක ගත ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
“ටයිපොයිඩ්” රෝගයෙන් ආරක්ෂා වීම සදහා මෙම එන්නත වසර 3 කට වරක් ලබාගත යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන මෙම එන්නත් වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය මගින් සහ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ටයිපොයිඩ් (Typhoid) යනු Salmonella Typhi නම් බැක්ටීරියාවක් නිසා ඇතිවන ආසාදනීය රෝගයකි. මේ රෝගය ප්‍රධාන වශයෙන් ආසාදිත ආහාර හා ජලය මඟින් පැතිර යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරවෙලා ආහාර බෙදන අයට මුඛ ආවරණ ,හිස් ආවරණ අත්වැසුම් දාන්න කියන්න
හෙපටයිටිස් බී පරීක්ෂණයද කිරීම අනිවාර්ය කරන්නේ නම් මැනවි. එම එන්නත පවා ලබා දිය යුතුය .රාජකාරි වේලාවන්හදී අත් ආවරණ , මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කළ යුතුයි.
ආහාර සම්බන්ධව වෙළඳාම් කටයුතු කරන සියළුම දෙනාට බෝවන රෝග සදහා එන්නත් කල යුතු අතර එන්නත් ලබා ගත් අයත් සහතිකයක් ලබා දිය යුතු අතර ඒවා තම වෙළඳ සැලෙහි හෝ සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කල යුතුය , ව්‍යාපාර නාම ලියාපදිංචි සහතිකය සමග.
ආණ්ඩුව කරන මන්ත්‍රී උත්තමයන්ටත් මොලය වර්ධනය වන්න මොකක් හරි එන්නතක් විදින්න බැරිද? මුන්ගේ අමනකම් ගැන කියවා ඇති වෙලා ඉන්නේ දැන්.