IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම්  ඒ. ගාඩ්නර් මාවත දක්වා  ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපියල් මිලියන 400 ක් හෙවත් රුපියල් කෝටි 40 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදුව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොම්පඤ්ඤවීදීයේ ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලම අතරමඟ නැවතී ඇති ආකාරය අද (28) නීරීක්ෂණය කිරීමෙන් පසුව එසේ පැවසීය.  

ඉදිකිරීම් ප්‍රමාද වන සෑම දිනකටම රුපියල් ලක්ෂ 5 බැගින් විශාල නාස්තියක් සිදුවන බැවින් වහාම ගැටලුව විසදිය යුතු බවත් මෙම වසර අවසන් වන විට කෙසේ හෝ පාලම ඉදිකර අවසන් කළයුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය.

වසර දෙකක් තිස්සේ පාළම ඉදිකිරීම් ප්‍රමාදවීමට හේතු වූ පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමට අදාල කටයුතු කඩිනමින් කිරීමට පියවර ගතයුතු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.  

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරීය මහතා සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අදාල නිලධාරීහු ද මේ අවස්ථාවවට සහභාගී වූහ.

 



අදහස් (1)

කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්

himal Tuesday, 29 April 2025 11:51 AM

ප්‍රශ්නය පැහැදිලි මදි. ගුවන් පාලම ඉදිකරන්න ගොඩනැගිල්ලක් ඉවත් කරන එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද? පාලම යන්නේ ගොඩනැගිල්ලක් හරහා නම් ඒ බව ඉදිකිරීම් ආරම්භ කරන කොට කොන්ත්‍රාත්කරු දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආයුධවලින් පහරදී පුළුස්සා මරලා
2025 මැයි මස 01 58 0

තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි


අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි
2025 මැයි මස 01 109 0

යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර


කෝටි 14ක් ගිල්ලත් පුරන් කුඹුරු හැදිල්ල බාගෙට කරලා
2025 මැයි මස 01 70 0

පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.


කතක් නිවසතුල කපා කොටා මරාදාලා
2025 මැයි මස 01 206 0

කතරගම ,පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවෙසේදී අද(01) ඝාතනය කර ඇතැයි කතරගම පොලීසිය කියයි.


ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 283 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 536 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 338 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 87 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1112 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site