
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දිවා විවේකය එපා කියා දවල් කෑමට වෙලාවට නැගිට ගොස් ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දිවා විවේකයෙන් තොරව අද පාර්ලිමේන්තු විවාදය පවත්වාගෙන යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ එකඟතාවය අනුව විවාදය දිගටම සිදු කෙරිණි.
ඒ අතර නැගී සිටි මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කෑමට ගොස් තිබෙන බවයි.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූයේ මන්ත්‍රීවරුන්ට වරින් වර ඕනෑම වෙලාවක ගොස් දිවා ආහාරය ලබා ගැනීමට හැකියාව තිබුණත් සභාවේ නිලධාරීන්ට එම හැකියාව නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ගහපු හැටියට දැන් කවද්ද ඔය පාර්ලිමේන්තු කෑම බිල අඩු කරලා පෙන්වන්නේ? එහෙමත් නැත්තන් එහි "සුඛෝපභෝගී" ආහාර වේල "මාතර බත් කඩේ" වැනි සාමාන්‍ය අපි කන බොන තැනක මට්ටමට ගෙන එන්නේ? නැත්තන් එකත් අනික්වා වගේම "අපි එහෙම කීවේ නෑ" කියන මාලිමා අලුත්ම තියරියට දාල පරණ තාලේටම කරගෙන යනවද?
එන්පිපි එකේ අය ගෙදරින් ගෙනල්ලා නේ කෑම කන්නේ ඒ වගේ හොඳ පුරුදු ඇති කරගන්න බැරිද විපක්ෂයේ අයටද?
වේලාවට කාලා බීලා පුරුදු අය රැස්වීම අවසන් කරන පැය දික් කරන්න අඩුම කරන්න
මේකා ඒක දන්නෙ නැහැ. එයා හිතන් ඉන්නෙ කෑම නොකාම විවාදය ඉවර වෙනකන් හැමෝම ඉන්න ඕනෙ කියලා, සැරින් සැරේට ගිහින් ඊළඟට කතා නොකරන මන්ත්‍රීලට ගිහින් කාලා එන්න පුලුවන්, ඒක තමයි සම්ප්‍රදාය ,වෘත්තීය සමිති කාරයා ඒවා කලාට මේවා ගැන දන්න දෙයක් නැහැනෙ
විපක්ෂයේ අය වැඩි හරියක්ම කෙරුවේ කාපු එක... රටත් කාලා... අපේ රීරී මාන්සත් හූරාගෙන කෑවා. මොනවා නැතත් ඔවුන්ට කන්න තිබුණොත් ඒ මදෑ. බලලෝභී, බඩගොස්තරවාදී, දූශිත දේසපාලුවන්...!