IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කන්න වෙලාව එපා කියා විපක්ෂය කන්න ගිහින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දිවා විවේකය එපා කියා දවල් කෑමට වෙලාවට නැගිට ගොස් ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දිවා විවේකයෙන් තොරව අද පාර්ලිමේන්තු විවාදය පවත්වාගෙන යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ එකඟතාවය අනුව විවාදය දිගටම සිදු කෙරිණි.

ඒ අතර නැගී සිටි මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කෑමට ගොස් තිබෙන බවයි.

සභානායක අමාත්‍ය  බිමල් රත්නායක මහතා පැවසූයේ මන්ත්‍රීවරුන්ට වරින් වර ඕනෑම වෙලාවක ගොස් දිවා ආහාරය ලබා ගැනීමට හැකියාව තිබුණත් සභාවේ නිලධාරීන්ට එම හැකියාව නැති බවයි. 



අදහස් (7)

කන්න වෙලාව එපා කියා විපක්ෂය කන්න ගිහින්

මැක්ස් Tuesday, 07 January 2025 01:14 PM

කයිවාරු ගහපු හැටියට දැන් කවද්ද ඔය පාර්ලිමේන්තු කෑම බිල අඩු කරලා පෙන්වන්නේ? එහෙමත් නැත්තන් එහි "සුඛෝපභෝගී" ආහාර වේල "මාතර බත් කඩේ" වැනි සාමාන්‍ය අපි කන බොන තැනක මට්ටමට ගෙන එන්නේ? නැත්තන් එකත් අනික්වා වගේම "අපි එහෙම කීවේ නෑ" කියන මාලිමා අලුත්ම තියරියට දාල පරණ තාලේටම කරගෙන යනවද?

:       33       55

සමන්Tuesday, 07 January 2025 04:11 PM

කවුද මැක්ස් එහෙම කිව්වේ. කිව්ව කෙනයි .තැනයි දිනයයි දාන්නකෝ අපිටත් දැනගන්න

:       11       15

Kazi Shajahan Tuesday, 07 January 2025 01:48 PM

එන්පිපි එකේ අය ගෙදරින් ගෙනල්ලා නේ කෑම කන්නේ ඒ වගේ හොඳ පුරුදු ඇති කරගන්න බැරිද විපක්ෂයේ අයටද?

:       5       26

kamal Koyrala Tuesday, 07 January 2025 01:55 PM

වේලාවට කාලා බීලා පුරුදු අය රැස්වීම අවසන් කරන පැය දික් කරන්න අඩුම කරන්න

:       2       7

ලකියා Tuesday, 07 January 2025 05:13 PM

මේකා ඒක දන්නෙ නැහැ. එයා හිතන් ඉන්නෙ කෑම නොකාම විවාදය ඉවර වෙනකන් හැමෝම ඉන්න ඕනෙ කියලා, සැරින් සැරේට ගිහින් ඊළඟට කතා නොකරන මන්ත්‍රීලට ගිහින් කාලා එන්න පුලුවන්, ඒක තමයි සම්ප්‍රදාය ,වෘත්තීය සමිති කාරයා ඒවා කලාට මේවා ගැන දන්න දෙයක් නැහැනෙ

:       1       1

IshanWednesday, 08 January 2025 05:38 PM

ඔය ප්‍රකාශයට පිළිතුර ලිපියේම තියෙනවා. මාතෘකාව විතරක් බලලා කමෙන්ට් දාන්නේ නැතිව, ඉස්සෙල්ලා ලිපිය කියවලා ඉන්න.

:       0       0

ගමේ එකාලා Tuesday, 07 January 2025 06:02 PM

විපක්ෂයේ අය වැඩි හරියක්ම කෙරුවේ කාපු එක... රටත් කාලා... අපේ රීරී මාන්සත් හූරාගෙන කෑවා. මොනවා නැතත් ඔවුන්ට කන්න තිබුණොත් ඒ මදෑ. බලලෝභී, බඩගොස්තරවාදී, දූශිත දේසපාලුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site