
(රංජිත් රාජපක්ෂ)
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටුවේ නිලධාරිහු බස් අනතුර සිදු වූ ස්ථානයේ සහ අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිම සදහා කොත්මලේට අද දින පැමිණියහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායම බස් අනතුර සිදු වූ ස්ථානයේ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ පොලිසිය වෙත ගොස් පොලිසියේදි අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිමෙන් අනතුරුව පොලිසිය තුලදි සාකච්ඡාවකද නිරත විය.
මෙම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්ථාව පොලිස්පතිවරයා වෙත ලබා දීමට නියමිතය.
මෙම කමිටුව සමග නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාද සහභාගි විය.

2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2356
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
Lal Wednesday, 14 May 2025 12:18 AM
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...
Bunny Preena Wednesday, 14 May 2025 09:01 AM
අන්තිමට ජීවිතය පූජා කළ රියදුරු මහතාට වරද පටවයිද කියලා නම් දන්නෙ නැහැ. ඒ තරමට ලොවෙත් නැති දක්ෂ විශ්ලේෂකයොයි , පරීක්ෂකයෝයි නේ අපේ රටේ ඉන්නේ. හරියටම දැක්කා වගේ, බලාගෙන හිටියා වගේ රියදුරු මහතාගේ නොසැලකිල්ල සහ නින්ද යාම නිසා මෙම අනතුර සිදු වූවා කියලා සිද්ධිය වහලා දායි