
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි.
කලපු තීරය ආසන්නයේ පිහිටි මෙම ඉඩම කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් ඉප්ෆාස් මහතාට අයත් බව සනාථ කරගෙන ඇති බවත්, මෙම ඉඩම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් වාර්ෂික බදු පදනමට ලබා දී ඇති බවද දිසා වන නිලධාරිවරයා කියයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉඩමේ සකසා තිබු පැරණි ඉස්සන් ටැංකි යළි සකස් කිරීමේදි කඩොලාන පරිසරයට හා අදාළ ප්‍රදේශයට හානියක් සිදුව ඇති බවයි. සීමා වූ භූමියෙන් අඩි කිහිපයක් කඩොලාන ශාඛ සහිත පරිසරයට ටැංකිවල පස් තල්ලු කිරීම ද බරපතල වරදක් බව ඔහු පැවසීය. එම ස්ථාන නිරීක්ෂණය කළ පුත්තලම දිසා වන නිලධාරිවරයා ඇතුළු වන සංරක්ෂණ නිලධාරින් නීතිමය කටයුතු සිදුකිරීම ආරම්භ කර තිබුණි.
දිසා වන නිලධාරිවරයා පවසා සිටියේ මීට අදාළ වැරදිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පරීක්ෂණ සිදුකරමින් සිටින බවය.
කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් ඉන්ෆාස් මහතා පවසා සිටියේ තමන් වාර්ෂික බදු පදනම මත 2017 වසරේ සිට අක්කර දෙකකට අඩු මෙම භූමියේ ඉස්සන් ටැංකි සකසා ඇති බවත්, කිසිම අවස්ථාවක එම භූමියෙන් ඉවතට ගොස් කිසිදු සංවර්ධන කටයුත්තක් නොකළ බවත්ය.
මේ පිළිබඳව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් කළ විමසීමේදි ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
“ මේ ඉඩම අපි වාර්ෂික බදු පදනමට ලබාදී තිබෙන්නේ 2017 වසරේ. එය නැවත 2020 වසරේදිත් අලුත් කර තිබෙනවා. අපි කොන්දෙසි 17 ක් යටතේ මෙම වාර්ෂික බදු ලබාදීම කර තිබෙනවා. යම් කොන්දේසියක් මෙම බදුකරු කඩ කර තිබෙනවාදැයි අපිත් පරීක්ෂණයක් ආරම්භ කළා” යැයි ඔහු සඳහන් කළේය.
ඡායාරූප සඳහා පිවිසෙන්න - පල්ලිවාසල්තුරේ කලපු තීරයේ කඩොලන වනසමින් ඉස්සන් ටැංකි හදලා

2025 දෙසැම්බර් මස 18
165
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක්
kamal Wednesday, 02 September 2020 09:19 AM
ඔන්න මල්ලියේ ඔයාව හොයාගනියි. පරිස්සම් වෙන්න. මීට අයියා.