
(ටී.කේ.ජී.කපිල )
රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂ අනූ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන එමින් සිටි විදේශීය ගුවන් මගීන් යුවළක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා කැනඩාවේ ඇල්බර්ටා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර 25 හැවිරිදි පිරිමි පුද්ගලයා එරට පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවය කරන්නෙකි . 29 හැවිරිදි ඔහුගේ බිරිඳ තවමත් රැකියාවක් සොයමින් සිටින්නියකි.
තායිලන්තයේ බැංකොක් නුවර සිට මේවා රැගෙනවිත් ඇත.අ
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මොවුන් දෙදෙනා සහ ඔවුන් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලයක් ගියානම්, ලංකාව පාලනය කරන්නේ අයිස්, කුඩු... දැක්කේ නැතිද? අර වෙන්නප්පුවේ මාලයක් කඩන්න... පොඩි ගෑනු දරුවාගේ ජීවිත අවධානම ගැන නොසලකා බයිසිකලෙන් හප්පන හැටි. කඩු ,අයිස් ගහපු අය, ඒවා ඕනේ වෙලාවට හැසිරෙන හැටි ඔවුන් දන්නේ නැහැ. කෙනෙක් මරලා හරි කුඩු, අයිස් ෂොට් එක ඕනේ. මේ කුඩු ජාවාරම් කාරයෝ බේරන්න එන කළු කපුටෝ ගැන නම් කියලා වැඩක් නැහැ. ඔවුන්ට කුඩු පොවන්න ඕනේ...