IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි 1000ක් වංචා කළ කතක රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ලක්‍ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ ප්‍රොකෙයාර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක  ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මහත්මිය අද(30) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් (72322)සෙනෙවිරත්න මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා විදෙස් රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර සමාගම පවත්වාගෙන ගොස් ඇති බවද පැවසීය.

 



අදහස් (0)

කෝටි 1000ක් වංචා කළ කතක රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site