(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා , මත්තල සහ ඉඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව අද(07) දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අද දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි .
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කටුනායකට ආ යානා හතරක් මත්තලට -ඉන්දීය ගුවන්තොටකට ගොඩබස්සවයි
ඉරාන් Tuesday, 07 January 2025 10:24 AM
ඇයි තුර්කි එකත් මත්තලට හරවලා යැව්වෙ නැත්තෙ.?
රම්බොඩ Tuesday, 07 January 2025 02:03 PM
රටකට ගුවන්තොටුපළවල් දෙකක්වක් අවශ්‍ය බව තහවුරු වෙන්නේ මෙවැනි අවස්ථා වලයි. ඒවා කවුද හැදුවෙ කියන එකවත් නම මොකද්ද කියන එකවත් වැදගත් නෑ. ඒවා රටේ සම්පත් . දේශපාලන නිවටකම් නිසා වී ගබඩා කළා කෙනෙක්.
Nandalal de Silva - France Tuesday, 07 January 2025 03:35 PM
මා පදිංචිව සිටින ප්‍රංශයේ මෙන්ම උතුරු අර්ධද්වීපයේ බොහොමයක් රටවල්වල වසරේ වැඩි කාලවල තද සුළං, මීදුම, හිම පතනය වැනි ස්වාභාවික ආපදාවන් නිසා, යන එන ගුවන් යානා වෙන රටවලට හරවා යවන බවක් අප අසා නැත. මෙවැනි රටවල තාක්ෂණික උපකරණ සහ අධිබලැති විදුලිබල පද්ධති මගින් ධාවන පථ පැහැදිලිවම පෙනෙන නිසා ගුවන් නියමුවන්ට සිය යානා ආරක්ෂිතව පාලනය කරන්න පුලුවන්. කෙසෙ වෙතත් තද හිම වැටෙන විට නම් තත්වය මීට වඩා වෙනස්. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොල ටත් අධිබලැති විදුලි පහන් සවිකර ධාවන පථ පැහැදිලිවම පෙනෙන ආකාරයට සකස් කලොත් විදේශ ගුවන් තොටුපොල වල් වලට ගෙවන ඩොලර් අපෙ රටෙ ඉතිරි කර ගැනීමට පුළුවන් නොවෙද ? හරවා යැවූ යානා හතරෙන් තුනක්ම "ශ්‍රී ලංකන්" යානා වීමත් කතා බහට ලක්වන පුවතක් වීමේ රහස මොකක්ද?
Sunik Tuesday, 07 January 2025 05:25 PM
තද සුළං කියන්නේ නම් සෙල්ලමක් නෙවෙයි. ඒවා නවීන තාක්ෂණය යොදා ගෙන වෙනස් කරන්න බැරි වෙයි. නමුත් මත්තලින් නියම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් පිටරටට යානා අරින්නේ නැතුව ඉන්න පුළුවන්නේද. ඊට පස්සේ ඕනනම් බස්වල දාලා හයිවේ එකේ ප්‍රධාන නගරවලටවත් මගීන්ව අරින්න පුළුවන්. ඉන්දියාවේ ඇරියාම ඒ ටික කරන්න බැහැනේ. ආපහු කටුනායක එන්නම ඕනෑ.
Sarath Tuesday, 07 January 2025 06:26 PM
දැන් කියන්නකෝ මයිනා හොරා කාපු නිසා මත්තල හැදිලා කියලා. මාලිමා හිඟන්නෙක් නැද්ද මේකට උත්තරයක් දාන්න එන්නේ...?