
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා , මත්තල සහ ඉඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව අද(07) දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ අද දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට අද දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තුර්කි එකත් මත්තලට හරවලා යැව්වෙ නැත්තෙ.?
රටකට ගුවන්තොටුපළවල් දෙකක්වක් අවශ්‍ය බව තහවුරු වෙන්නේ මෙවැනි අවස්ථා වලයි. ඒවා කවුද හැදුවෙ කියන එකවත් නම මොකද්ද කියන එකවත් වැදගත් නෑ. ඒවා රටේ සම්පත් . දේශපාලන නිවටකම් නිසා වී ගබඩා කළා කෙනෙක්.
මා පදිංචිව සිටින ප්‍රංශයේ මෙන්ම උතුරු අර්ධද්වීපයේ බොහොමයක් රටවල්වල වසරේ වැඩි කාලවල තද සුළං, මීදුම, හිම පතනය වැනි ස්වාභාවික ආපදාවන් නිසා, යන එන ගුවන් යානා වෙන රටවලට හරවා යවන බවක් අප අසා නැත. මෙවැනි රටවල තාක්ෂණික උපකරණ සහ අධිබලැති විදුලිබල පද්ධති මගින් ධාවන පථ පැහැදිලිවම පෙනෙන නිසා ගුවන් නියමුවන්ට සිය යානා ආරක්ෂිතව පාලනය කරන්න පුලුවන්. කෙසෙ වෙතත් තද හිම වැටෙන විට නම් තත්වය මීට වඩා වෙනස්. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොල ටත් අධිබලැති විදුලි පහන් සවිකර ධාවන පථ පැහැදිලිවම පෙනෙන ආකාරයට සකස් කලොත් විදේශ ගුවන් තොටුපොල වල් වලට ගෙවන ඩොලර් අපෙ රටෙ ඉතිරි කර ගැනීමට පුළුවන් නොවෙද ? හරවා යැවූ යානා හතරෙන් තුනක්ම "ශ්‍රී ලංකන්" යානා වීමත් කතා බහට ලක්වන පුවතක් වීමේ රහස මොකක්ද?
දැන් කියන්නකෝ මයිනා හොරා කාපු නිසා මත්තල හැදිලා කියලා. මාලිමා හිඟන්නෙක් නැද්ද මේකට උත්තරයක් දාන්න එන්නේ...?