IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඖෂධ හිඟය දුරලන්න අවබෝධතා ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

රජයකින් - රජයකට පදනම යටතේ අවශ්‍ය අවස්ථාවන් වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයකින් - රජයකට පදනම යටතේ හිඟ ඖෂධ ලබා ගැනීම පිණිස විභව හැකියාවක් සහිත රටවල් තෝරා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත් කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත්  ක්‍රමවේදය ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වෙත යොමු කර, එම කොමිෂන් සභාවේ යෝජනා සහ නිරීක්ෂණ මත පදනම්ව රජයකින් - රජයකට යන පදනම යටතේ ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වන ක්‍රමවේදයක් සකස් කර ඇත. 

එම ක්‍රමවේදය අනුව අත්‍යවශ්‍ය අවස්ථා වලදී ඖෂධ හා වෛද්‍ය උපාංග මිල දී ගැනීම සඳහා වි‍භවයක් සහිත රටවල් සමඟ අවබෝධතා ගිවිසුම වලට එළඹීමටත්, එම රජයන් විසින් නම් කරනු ලබන ආයතන හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියමිත පරිදි ගිවිසුම්ගත වී සාමාන්‍ය සැපයුම්දාම ඔස්සේ සපයා ගැනීමට අපහසු ඖෂධ හා වෛද්‍ය උපාංග සපයා ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ඖෂධ හිඟය දුරලන්න අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site