
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්හි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ගෝල බාලයන් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයන් සිව් දෙනකුද සිටින බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග ටි 56 ගිනි අවි 2 ක් , ටි56 උන්ඩ 118 ක් , මැගසින් 3ක් ,වෑන් රථයක් සහ මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් මෙන්ම ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 - 57 පසුවන උඩුගම්පොළ, ගාල්ල, ගම්පහ හා හෙට්ටිපොල පදිංචිකරුවන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුම්ගලින් චාමිකර අහන්න පද්මේ ගෙන් ඔහුගේ පියා ඔස්මන් ගේ අඹ යාළුවා ඔහුට අනතුරක් කරන්න ආපු පද්මේ ගෙන් පලි ගත්තා කියලාන නේ
UNP ඝාතකයන්ගේ පෞද්ගලික කෝන්තර පිරිමහන්න වවුල්කැලේදී බිලිවූ අහිංසක ජීවිතවලට තරමක් හෝ සාධාරණයක් ඉෂ්ඨ කල ඔස්මන් ... ගම්පහ පස් කපන ජාවාරමුන්ට, කප්පම් කාරයන්ට බාධකයක් වූ ඔස්මන් ...