
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වල සභාපති ධූර සඳහා පළපුරුද්දක් නැති නියෝජිතයින් පත් කළහොත් පාර්ලිමේන්තුවට සිදුවී ඇති සන්තෑසියම පළාත් පාලන ආයතන වලත් සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පළාත් පාලන ආයතන වල ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් කොටස් දෙකක් නැතැයි කී අබේවර්ධන මහතා ඒවායේ කටයුතු සිදුවන්නේ වෙනම ක්‍රමවේදයකට බව සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල, මාපලගම අතුල දර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද නව බෝධි ප්‍රාකාරය සඝ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
විහාරාධිකාරී මාපලගම ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් වජිර අබේවර්ධන මහතා ද මාපලගම ප්‍රදේශවාසී දායකයන්ගේ සහයෝගයෙන් මෙම බෝධි ප්‍රාකාරය ඉදිකර තිබේ.
ජනතාව පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයින් පත් කළාට පසු බහුතරයේ කැමැත්ත අනුව ක්‍රියාකළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා තනතුරු වලට පත් කළ යුතු වන්නේ පළපුරුද්ද තිබෙන අය බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මෙයාගේ මොලේ හොඳ නැද්ද කොහේද? රටේ ජනතාවට නම් දැන් රජය නියමයි. හොරුන්ට නම් රිදෙනවා.
ඒ කියන්නේ හොඳට කෙරීගෙන යාවි කියන එකද?
බෝධි ප්‍රාකාරය සඝ සතු කළාලු.., අනේ මන්දා මට නිකන් ලූස් වගේ...!
රට විනාස කල නිල් කොල දේශපාලකයෝ...දැන් පන්සල් ගානේ යනෝ.
අතුල, දර්ශනාරාමය UNP ශාඛා සමිතියක්ද?
මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය, බොරුව, රැවටිලි, කපටි කයිරාටිකකම් වලින් සුදුසුකම් සහ පළපුරුදු දූෂිත දේශපාලුවෝ නැති එක වෙන්ඩැති.. වැල් පාලමෙන් එගොඩ ගිහින් 2048 රට හදනකම් බලාගෙන හිටියා නම් මැරිච්චි තැන්වල ගසුත් පැළවෙලා...
මේ පන්සලේ උන්නාන්සේ දැනගන්න ඕනෑ ස්වාධීන හෝ පිළිගත් මහජන නියෝජිතයෙක් ගෙන්වන්න, මේ පරාදවෙලා, කුජීතවෙලා නන් දොඩවන පිස්සෙක් ගෙන්නන්නේ නැතිව...
පත්වෙලා වසර දෙක තුනකින් තමනුත් හිතවත් මන්ත්‍රීලත් ලක්ෂ නොවෙයි කෝටිපතියෝ වෙන විදියට පළපුරුද්දක් තියෙන අය පත්කරගන්න කියන එකයි මේ කියන්නේ...!
ඒ කියන්නේ යූ ඇන්පියත්, පොහොට්ටුවත් එක්වෙලා කරන්න කියන එකද, එහෙම හිතන්න වෙනවා. මොකද සජබෙත් එන්.පී.පියත් දෙකම අලුත්...!
වජිර මහත්තයා පක්ෂය අරක්ගෙන තියෙන භූත බලවේගත් තූෂ්ණීභූත වෙලා යන්නයි කියලා ප්‍රාර්ථනා කරලා තිබුණානම් හොඳයි.