IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඌරන්ට කාර්ය සාධක බලකායක්

(අංජුල මහික වීරරත්න)

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නගා සිටු වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

2024 ඔක්තෝබර් මස වාර්තා වූ අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් වන අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් ආරම්භ වී මේ වන විට සියලුම පළාත් වලට ව්‍යාප්තව ඇත. 

මෙම රෝගය හේතුවෙන් ආසාධිත ගොවි පොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී. මේ වන විට වාර්තා වී ඇති දත්ත අනුව, සූකර ගොවිපොළ 1,594 ක රෝගය වාර්තා වී ඇති අතර ඌරන් 61,695 ක් මරණයට පත්ව තිබේ. එමෙන්ම, මෙම රෝගය වනාන්නතර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදානය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත. 

මේ වන විටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරසය පරිසරය තුළ සංසරණය වීම සහ රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සුකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයකට පත්ව තිබේ. 

එබැවින්, සූකර කර්මාන්තය යළි ප්‍රතිස්ථාපනය සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්ගේ (සංවර්ධන පරිපාලන) සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජනයන්ගෙන් සමන්විතව කාර්යසාධක බලකායක් පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ඌරන්ට කාර්ය සාධක බලකායක්

රම්බොඩ Tuesday, 03 June 2025 02:25 PM

දන්න විදිහට නම් මිනිසාගේ රස නහර පිනවීම සඳහා ඉතාම දුක්ඛ දායක ලෙස මරණයට පත් වන්නේ ඌරන් ය. වෛරසය වැලඳී මිය යාම ඔවුන්ට සැපයකි. මෙවැනි කර්මාන්ත නම් අකුසල් ආකරය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site