IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි

(ජේ.ඉඳුරුවගේ)

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.

ඒ අනුව සිසුන්ගේ කැමැත්ත ආ ඔවුන් පෙන්නුම් කරන සාධන මට්ටම් අනුව ඉදිරි ජුනි මස 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ප්‍රතිඵල ලැබෙන තෙක් තාවකාලික පදනම යටතේ සිසුන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා අනුව පන්ති ආරම්භ කළ යුතුවේ.

සාමාන්‍ය පෙළට සිසුන් පෙනී සිටි පාසලේ උසස් පෙළ පන්ති තිබේනම් එම පාසලේම එම සිසුන්ට පන්ති ආරම්භ කර තාවකාලිකව සිසුන් එම පන්තිවලට යොමු කළ යුතුය.

එසේ නොවන හෝ සිසුන් හැදෑරීමට අපේක්ෂිත විෂය ධාරා නොමැති පාසල්වල සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පාසල් පොකුරු තුළ තිබෙන සුදුසු පාසල්වලට තාවකාලිකව අනුයුක්ත කළ යුතුය.ඒ සඳහා හිටපු පාසලෙන් ශිෂ්‍ය කාර්ය දර්ශකය (අස්වීම් සහතිකය)අවශ්‍ය නොවේ.

මෙලෙස තාවකාලිකව ආරම්භ කරන උසස් පෙළ පන්තිවල 12 ශ්‍රේණියට අදාල විෂය නිර්දේශ ඉගැන්විය යුතු බවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත්වූ පසු විධිමත්ව එම පන්ති විධිමත්ව ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Reply Forward Add reaction



අදහස් (6)

උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි

Ajantha Saturday, 18 May 2024 07:37 AM

ඒක හොඳයි..!

:       1       7

indrani dona Saturday, 18 May 2024 08:09 AM

ජාත්‍යන්තර පාසල්වලට ගිය ළමුන්ට එම පාසලේ උසස් පෙළ පන්ති නැතිනම් අනුයුක්ත කළ හැක්කේ කෙසේද?

:       3       2

Thelma perera Saturday, 18 May 2024 08:13 AM

ජාත්‍යන්තර පාසල්වලට ගිය ළමුන්ට එම පාසලේ උසස් පෙළ පන්ති නැති නම් අනියුක්ත කළ හැක්කේ කෙසේද?

:       3       2

NDF Leader Saturday, 18 May 2024 08:21 AM

2024 උ.පෙ. විභාගයට තව මාස 6 කට වඩා තිබෙනවා. ඒ අයගේ විෂය නිර්දේශය ආවරණය නොකර 2026 සිසුන් ගන්නවා කියන්නේ 2024 ළමයින් ටියුෂන්වලට යොමු කිරීමයි. අන්තිමට කියයි පාසල්වල විෂය නිර්දේශය අසම්පූර්ණ නිසා ප්‍රශ්න පත්‍රයට අදාල සීමාව අඩු කරන්න කියා.

:       8       3

Rasitha Saturday, 18 May 2024 11:35 AM

ඊට වඩා වටිනවා සිසුන්ට කෙටි කාලීන තාක්ෂණික පුහුණුවක් සමග ඉංග්‍රීසි භාෂා කථන පුහුණුවක් ලබාදුන්නා නම්, ඒක ඊළඟ කුමන අංශයකට හෝ යන්න බලාපොරොත්තු වන කෙනෙක්ට ලොකු ආධාරකයක් වෙනවා. අද ළමයි මිටිය පාවිච්චි කරලා ඇණයක් ගහගන්නවත් දන්නේ නෑ.

:       3       13

ජයනාත් Saturday, 18 May 2024 05:38 PM

මේක සම්පූර්ණයෙන්ම අවුලක් . ඉදිරියේ දී තේරෙයි අවුලේ බරපතලකම. ඒ නිසා ඒ බව විතරක් මතක තියාගන්න. මේ පෝස්ට් එකට ලයික් හරි, ඩිස්ලයික් හරි ඕනෑ නැහැ. ඉදිරියේ දී බලන්න ප්‍රායෝගික තත්ත්වය. එච්චරයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 134 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 981 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site