
ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව මීට සුළු වේලාවකට පෙර යළි පෘථිවිය කරා පැමිණියේය.
ඇමරිකන් බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් බ්ලූ ඔරිජින් සමාගමේ ගගන සංචාර වැඩසටහන යටතේ, කාන්තාවෝ 6 දෙනෙක් අභ්‍යවකාශයට ගොස් නිරුපද්‍රිතව ආපසු පැමිණියහ.
බ්ලූ ඔරිජින් ගගන සංචාර ආරම්භ කර ඇත්තේ, අතමිට සරුනම්, ගගන කැප්සියුලයක ආධාරයෙන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා යෑම සහ පසුව පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය යළි පොළොවට රැගෙන ඒමය. කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය පිහිටා ඇත්තේ කිලෝමීටර් 100 (සැතපුම් 62) කට වඩා ඉහළිනි.
බ්ලූ ඔරිජින් ගගන සංචාරයට එක් වුණු සංචාරක ගගනගාමීන් අතරේ, ඇමෙරිකන් පොප් ගායිකා කේටි පෙරීට අමතරව, ඇමෙරිකන් මාධ්‍යවේදිනියක වන ලොරේන් සැන්චේස් සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං සංචාරයට එක්වූහ. ලොරේන් සැන්චේස්ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙයි.
සංචාරයට එක්වුණු අනෙක් තිදෙනා අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින්ය. මොවුන් රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක බව පැවැසෙයි.
1963 වසරේ දී රුසියාවේ (අතීතයේ සෝවියට් සමූහාණ්ඩුව) වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ ඓතිහාසික අභ්‍යාවකාශ මෙහෙයුමකින් පසු, කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1427
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩ ගිය කාන්තාවෝ ආපසු එති