
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල සහ මහනුවර බදුල්ල අතර දුම්රිය හතරක් අද (10) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1008 සීඝ්‍රගාමී දුම්රිය, මහනුවර බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , මහනුවර සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කළ බවද දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1008 විශේෂ සීඝ්‍රගාමී දුම්රියෙ එන්ජිම ගම්පොළ උලපනේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී පිලීපැනීමට ලක් වීමෙන් උඩරට දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබීම නිසාවෙන් මෙසේ මෙම දුම්රියන් අද (10) අවලංගු කළ බවත් , දැනට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යසයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන විදිහ. අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි බැලුවේ...