IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර

( නිශාන්ත කුමාර )

 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ   මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ  දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර  අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවදනම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 101.3 ක මුදලක් වෙන් කර තිබේ.

  ඒ යටතේ බණ්ඩාරවෙල දුමිරිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද නායයාම වැලක්වීම සදහා දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද සෑම වර්ෂා කාලයකදීම නායයාම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බොහෝ අවස්ථාවලදී බණ්ඩාරවෙලට පමණක් සීමා වන අතර එය වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙලල සිට දෙමෝදර දක්වා නිරන්තරයෙන්ම නාය යන ස්ථාන අටක් හදුනා ගෙන එම ස්ථාන අටම නායයාම වැලක්වීම සදහා සංවර් ධනය කිරීමට නියමිතය.

මෙරටට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් ඇල්ල සහ දෙමෝදරට දුම්රියෙන් පැමිනෙන අතර මෙම සංචාරකයින් උඩරට දුම්රිය මාර්ගයේ සිරි නැරඹීම සදහා ඉමහත් කැමත්තක් දැක්වීම නිසා මෙම මාර්ගයේ  නාය යාම් අනතුරු වලක්වා ගැනීමටත් සංචාරක ආකර් ෂණය එලෙසම පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින්  මේ වන විට මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (0)

උඩරට දුම්රිය මඟේ නාය යාම වළක්වන්න පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site