
(අංජුල මහික වීරරත්න)
පසුගිය රජය කාලයේ කෘෂි අංශයේ රැකියාව සඳහා ඊශ්‍රායලයට ගිය පිරිසෙන් සියයට අසූවක් පමණ සේවා ස්ථාන වලින් පැන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසීය.
සුදුසුකම් නොමැතිව දේශපාලන හිතවත් කම් මත ඊශ්‍රායලයට ගිය මෙම පිරිස් ගොවි බිම් වල වැඩ කිරීමට නොහැකි වීම නිසා සේවා ස්ථාන වලින් පැනගොස් විවිධ ස්ථාන වල සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙන්නේ යැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී දේශපාලනඥයන් විසින් නුසුදුසු පුද්ගලයින් ඊට යොමු කොට එම රැකියා ක්ෂේත්‍රය විනාශ කළ බවද කෝෂල වික්‍රමසිංහ මහතා කීය.
දේශපාලන හිතවත්කම් මත නොව සුදුස්සාට සුදුසු තැන දීම වර්තමානය රජයේ ප්‍රතිපත්තියක් බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකිකයන් 5000 ක් පමණ ඊශ්‍රායලයේ කෘෂි රැකියා අපේක්‍ෂාවෙන් සිටින බැවින්, ඔවුනට අවස්ථාව ලබා ගැනීමට නම් ගිවිසගත් රැකියා ස්ථානවලින් පැන නොයන ලෙස ඊශ්‍රායලයට ගිය ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කෝශල වික්‍රමසිංහ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගොවිතැන් කරන මිනිස්සු . අපි යවන්ඩ ඒ රටවල් වලට. කිසිමදාක උදැල්ලක් අල්ලපු නැති එවුන් රටවල් වලට වැඩට යැවිවට වැඩ කරන්ඩ බැැ.
ඇයි ඊශ්‍රායල් යවන්නේ ? ඒක මහා චාටර් රටක්. අවුරුදු 10ක් මම එහි හිටියා.
මෙසේ පැන ගිය අය වහාම මේ රටට ගෙන්වාගන්න කටයුතු කර ගිවිසුම් කදකලානම් ඒවාට දඬුවම් පනවන්න
පළපුරුදු කට්ටියනෙ වැඩේ කරේ. අමතක වෙන්න ඇති දේශපාලන හිතවත්කම් නැතිව, රැකියාවට පළපුරුදු කට්ටිය තෝරලා අරින්න. විදේශීය රැකියා වෙළඳපළත් මුන් කාල දානවා...