
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීමේ යෝජනාව සලකා බැලිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
මෙවැනි යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් රැකියාදීමේදී පාරදෘෂ්‍යභාවයක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රැකියා දීමේදී අපොස උසස් පෙළ විභාගයේ ඉසඩ් අගය යොදා ගැනීම පිළිබඳ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ යෝජනාව ඉතා වැදගත් එකක්. මෙහිදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුවෙනවා. සලකා බලන්න පුළුවන් යෝජනාවක්. උපාධිය මූලික සුදුසුකම් වෙන පුරප්පාඩු මෙතනින් බැහැර කරන්න වෙනවා.
බැංකුවලට බඳවා ගන්න සාමාන්‍ය පෙළ විභාගයේ එකවර සම්මාන පහක් තියෙන්න ඕන. එතකොට ඉසඩ් අගය කොච්චර තිබුණත් ඕලෙවල් සම්මාන පහක් නැත්නම් බඳවා ගන්න බැරිවෙනවා. කළමනාකරණ සේවය, ග්‍රාම සේවක සේවය යන තනතුරුවලදී මේක සලකා බලන්න පුළුවන්. මේ ක්‍රමය යොදා ගැනීමෙන් පාරදූෂ්‍යභාවය වැඩිවෙනවා. පුළුවන් තරම් ඉහළට ඉසඩ් අගයක් ගන්නත් දරුවන් උනන්දු වෙනවා. මේ යෝජනාව අපිට සලකා බලන්න පුළුවන්.
අපොස උසස් පෙළ විභාගයේදී සිසුන් ගන්නා ඉසෙඩ් කෝ ලකුණු මත රැකියා පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතු යැයි සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කළේය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගැනිණ.
ඩලස් අලහප්පෙරුම මහතා විවාදයේදී මෙසේ පැවසීය.
රැකිය ලබාදීමේදී දක්ෂ සහ සුදුසුකම් සහිත දරුවන්ට අවස්ථාව හිමි කළ යුතුයි. සියලුම ආයතනවල රැකියා පුරප්පාඩු පිරවීමේදී මෙය සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්. තරුණ නැගිටීම් තුනක් ඇතිවුණු රටක් මේක. තරුණ අසහනයට පිළියම් ලෙස යෝජනා රැසක් ඉදිරිපත් වුණා. මැතිවරණ වෙළඳපොළේ ඉහළම ලංසුව අද ලැබෙන්නේ රැකියාවට. බදුල්ලේ දැනුත් රැකියා පෝරම බෙදනවා. ඒ තත්වය යම් විදියකට මුළුනුපුටා දැමීමට තමයි මම මේ යෝජනාව කරන්නේ. දේශපාලනඥයන් තමන්ගේ හිතවතුන්ට රැකියා ප්‍රදානය කිරීම අලුත් දෙයක් නොවෙයි. විලාසිතාවක් නොවෙයි. මෙතැනදී සුදුසුකම් තියෙන අය පැත්තකට යනවා. මේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තියන්න ඕන. තරුණ පරපුර පහුගිය කාලෙ ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. මේ වෙනස නිකන්ම එන්නේ නැහැ. අප මැදිහත් වෙන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් ඉදිරි වසර 10 තුලදී රජයේ රැකියාවලට බදවාගැනීමේ අවශ්‍යතාවයක් හෝ ආර්ථික ශක්තියක් රජයට නැහැ ,රජයේ වියදම් වලින් 80% පමණ නිලධාරීන්ට වැටුප් සහ දීමන ගෙවන්න වියදම් වෙනවා , අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ නිලධාරියෝ ඉන්නවා , දැන් කලයුත්තේ දැනට සිටින රජයේ නිලධාරියෝ ප්‍රති වියුහගතකරගන්න එක , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාඩිවෙන්න මේස පුටු නැතිව ගස් යට උපාධි ධාරී නිලධාරීන් සිටිනවා ,සමහරු උදේ අත්සන් කර ගෙදර ගොස් හවසට ඇවිත් නැවත අත්සන් කර ගෙදර යනවා , ඉදිරියට රජයසේවය විෂයක් වශයෙන් විශ්ව විද්‍යාල වල ඉගැන්විය යුතුය ඉන්පසු රජයේ රැකියා දීමේදී ඔවුන් අතරින් අවශ්‍ය පුද්ගලයන් තොර ගන්න පුළුවන් , ඉදිරියේදී රජයේ රැකියා දීම රාජ්‍යසේව කොමිෂන් සභාවක් හරහා කරන්න ඕනේ ඇමති සහ මන්ත්‍රී චිට් ක්‍රමය අහෝසි කරන්න ඕනේ , මෙම යෝජනා වහාම ක්‍රියාත්මක නොකලොත් , ඉදිරි වසර 2-3 තුලදී රට බංකොලොත් වී , රජයේ සේවකයන්ට වැටුප් පවා ගෙවාගන්න බැරිව රට මහා අවුල් ජාලයකට වැටෙන බව කවුරුත් පිළිගන්න ඕනේ කාරණයක් .
කටපාඩම් විභාගයක ලකුණු මත රස්සා දීම මොනතරම් මන්දබුද්ධික මොට්ට අදහසක්ද. රැකියා දිය යුත්තේ පුද්ගලයාගේ සියලු කුසලතා සැලකිල්ලට ගෙන අදාල රැකියාවට ඇති ගැලපීම මතයි. මෝඩ දේශපාලුවො මේ රට ගල්යුගයෙනුත් එහාට ගෙනියන්න බලන්නේ.
රජයේ විශ්ව විද්‍යාල වලින් හෝ පාසල්වලින් පිටවන සියලුදෙනාටම රජයේ රැකියා දෙන්න ඕනේ කියලා, නීතියක් නැහැ, නොමිලේ විශ්ව විද්‍යාල දක්වා උගන්වලා උපාධියකුත් දීලා, රජයේ රැකියාවකුත් දීලා අන්තිමට රජයෙන් විශ්‍රාම වැටුපකුත් එංගලන්තේවත් දෙන්නේ නැහැ. දෙන්නත් බැහැ. එංගලන්තෙත් උසස් අධ්‍යාපනය සඳහා මුදල් ගෙවන්න ඕනේ... සල්ලි නැති සිසුන්ට දීර්ඝකාලීන ණය මුදලක් දෙනවා... පස්සේ රැකියාවක් කරනකොට කපා ගන්න.. ලෝකේ දියුණු රටක් වන එංගලන්තෙටත් කරන්න බැරි දේවල් අපි කරන්න ගියාම අපි බංකොලොත් වෙලා... රටේ මුළු ආර්ථිකයම කඩාවැටෙන බව පුදුමයක් නොවේ. රජයේ රැකියා ඉල්ලලා මුලින් වර්ජන කරනවා. රැකියා දුන්නාම වැඩි පඩි ඉල්ලලා වර්ජන කරනවා... මේක මහා ඉසරදයක්... මේ ක්‍රමයට වහාම තිත තබන්න ඕනේ. මේවා තම රටට අත්‍යාවශ්‍ය සිස්ටම් චෙන්ජ්...
අනේ මෙහෙම මෝඩ මිනිහෙක්...! ඉසෙඩ් ලකුණින් කියන්නේ උසස්පෙළ විෂන් 3 සඳහා දැක්වූ දස්කමයි. එයා කොහොමද හැම රැකියාවකටම සුදුසුකමක් වෙන්නේ? කාලයක් ඇමරිකාවේ හිටියලු නේද? එහෙදී මගෙ හිතේ පෙට්‍රල් ස්ටේෂන් එකක වෙන්න ඇති වැඩකරන්න ඇත්තේ. එහෙම නැතිව ඒ ඒ තනතුරුවලට ගැලපෙන අය තෝරන්නේ කොහොමද කියලා වගේ සරල දෙයක් ගැනවත් අවබෝධයක් ලබන්නවත් සමාජය ගැන හොයලා බලන්න වෙලාවක් තියෙන්න නැතිව ඇති... බලාගෙන පරිස්සමට වැඩි වෙන්න. මොකද මොලේ තැලෙන්න පුළුවනි.
ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල රාජ්‍ය සේවය විෂයයක් වශයෙන් විශ්ව විද්‍යාලවල හදාරන්න පුළුවන්... එම විශ්ව විද්‍යාලවල රාජ්‍ය සේවය නමැති විෂය ධාරාව සඳහා සිසුන් තෝරා ගන්නේ ඉදිරි කාලවල රාජ්‍ය සේවයේ පුරප්පාඩු වන ඇබෑර්තු සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය සේවය සඳහා තෝරා ගන්නකොට ඔවුන්ගේ උපාධිය සහ ලකුණු මට්ටම අදාල දෙපාර්තමේන්තු සැලකිල්ලට ගන්නවා... සේවකයෝ නීතිය සහ විෂය දන්නා නිසා මහජනතාවට ගුණාත්මක භාවයකින් යුතු කාර්යක්ෂම රජයේ සේවයක් ලැබෙනවා... රාජ්‍ය සේවකයින් ප්‍රමාණය අල්ප නිසා ඔවුන්ට හොඳ වැටුපක් රජය මගින් ගෙවනවා. අල්ලස්, දූෂණය ඇත්තෙම නැත. අපටත් අවශ්‍යතාවයක් තිබෙනවා නම් පුළුවන් මෙවැනි මොඩල් අධ්‍යයනය කරලා, මෙහෙත් ඒවා කරන්න...
ඕවා නිකන් හීන විතරයි. ලංකාවේ උපාධි ධාරියෝත් ඉන්නවා ඕනෑතරම් රැකියා නැතුව... හැබැයි දූෂිත දේශපාලුවන්ට, ඔවුන්ගේ අයට නම් කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැතුව තනතුරු, රස්සාවල් නම් හම්බ වෙනවා.
රටේ තරුණ පරම්පරාවට රැකියා ලැබෙන්න නම් රටේ ආර්ථිකය තුළ ඊට අවශ්‍ය කරන ව්‍යවසායකයින් සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඕනෑතරම් ඉංජිනේරු, කෘෂිකර්ම සහ වෙනත් විවිධ වෘත්තීය උපාධි සහ කාරමික පාඨමාලා හදාරපු තරුණ තරුණියන් විශාල පිරිසකට පවා අද රැකියා අවස්ථා නැතුව ඉන්නවා තියා බාස් කෙනෙකුටත් අද හරියට රස්සාවක් නැහැ. ලවක් දෙවක් නැතුව හැම දේටම බදු ගහල සල්ලි එකතු කරන කොට කර්මාන්ත කඩා වැටිලා රට අනිත් පැත්තෙන් වැටෙනවා. රටේ දේශපාලකයෝ දන්නේ නැහැ... කොහොමද මේ මානව සම්පත් වලින් හරියට ප්‍රයෝජනය අරන් රටේ ආර්ථිකය ඉහළට ගන්නේ කියලා. ඒ වෙනුවට ඔවුන් අද කරන්නේ මැතිවරණ බලාගෙන ඔහේ යන්නන් වාලේ මහලොකු උත්සව තියාගෙන අරහෙන් මෙහෙන් පත්වීම් දෙන එකයි තියෙන සම්පත් පිටරැටියන්ට සින්නක්කරේට විකුණන එකයි සහ එදා වෙලා ගෙවාගෙන යන එකයි විතරයි. මේ දැන් ඉන්න දේශපාලකයෝ හැමදාමත් කරන්නේ රට අසමත් කරන එක විතරයි...
නිකම්ම කට පාඩම් කර ලකුණු ගන්න හැකි කලා, වාණිජ අංශවල ඉසෙඩ් අගය ගණිත විද්‍යා තාක්ෂණ අංශ එක්ක ගලපන්න බෑ. තවත් ප්‍රශ්න ඇතිකරන පටු අදහසක්....
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව අවසානයේ බිහිවෙන්නේ උපාධි ධාරීන් අතලොස්සක් සහ කිසිම වෘත්තීයක් බැරි අපොස සාපෙළ පමණක් සමත් රස්තියාදුවට වැටෙන බහුතර තරුණ පිරිසක් , රටේ නිසි ප්‍රමිතියකට අනුව පුහුණුවූ විදුලි කාර්මිකයන් , වඩු කාර්මිකයන් ,මිකැනික් වරු , කෝකියෝ සොයාගැනීමට ඉතා අපහසුය , මෙවැනි ප්‍රමිතියකට ඇති වුර්තිකයන් පුහුණු කරන්න ජෙර්මනිය වසර 3 පමණ ගතවෙනවා , නිසි ක්‍රමවෙධයක් මෙහෙ තිබෙනවා , සහතික තිබෙන වුර්තිකයන්ගේ ප්‍රමිතිය ඉතා ඉහලය මෙහෙ ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ පුහුණු ශ්‍රමිකයන්ය , ලංකාවේ සුපවේදීන්ට nvq ද මොකක්ද කියල සහතිකයක් දෙනවා මාස 3 කින් , ඔවුන්ගෙන් සමහරකට බතක්වත් උයාගන්න බැහැ , අනෙක් වුර්තිය පුහුණු ගැනත් කියන්න තිබෙන්නේ මෙවැනි කතාවක්ම තමා , ඩොලර් ලක්ෂ ගණන පඩි ගෙවල ක්‍රිකට් පුහුණු කරුවෝ නම් පිට රටින් ගෙන එනවා , නමුත් පළපුරුදු අධ්‍යාපන උපදේශකයන් පිරිසක් දියුණු රටකින් හරි ගෙනත් මේක හරියට හදාගන්න කාටවත් උවමනාවක් නැහැ , ලංකාවේ අධ්‍යාපන ශේස්ට්‍රයේ ඉහලින් සිටින මිනිසුන්න්ට මේක කරගන්න කොහොමටත් බැහැ , පුලුවන්නම් මෙලහකට කරලා .
ඩලසා කෙරුවොත් කරන්නේ ඔහොම එකක්මයි. ඡන්දෙ ගන්න හිතාගෙන වෙන්නැති. මහම මහ පටු අදහසක්. එහෙනම් ඡන්දෙ ඉල්ලන්නත් අගයක් දාන්න ඕනෑ. එතකොට ඔය කියන විදිහට වැඩි ලකුණු ගන්න අය පාර්ලිමේන්තුවට යයි. ඩලස් ලොජික් මුලින්ම ඔවුන්ටම ක්‍රියාත්මක කරන්න ඕනෑ.