
(අංජුල මහික වීරරත්න)
2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාවේ කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලයේ දී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 88,684 කි.
මෙම මාස 6 ක කාලයේ කාන්තා ශ්‍රමිකයින් 55,695 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සදහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 38,806 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 28,973 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 21,958 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබේ.
සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට ඇතිවී තිබේ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 6,073 කුද, දකුණු කොරියාවට 3,134 කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 6 දී ඇමරිකා ඩොලර් බිලියන 3.73ක ප්‍රේෂණ මෙරටට එවා ඇත. පසුගිය වසරේ මුල් මාස 6 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 3.14 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 18.9 න් ඉහළ ගොස් තිබේ. එසේම 2025 වසරේ ජූනි මාසයේ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 635.7 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇත. 2025 වසර තුළදී ඇමරිකා ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේ කෑල්ලක් හදාගන්න, ළමයින්ට ටිකක් හරි හොඳට කන්න දෙන්න, ණයතුරුස් ගෙවා ගන්න, වයසක දෙමාපියන්ට බේත් ටික අරන් දෙන්න මේ වගේ මෙකී නොකී කප්පරක් බලාපොරොත්තු ඇතුව කීයක් හරි උපයාගන්නයි යන්නේ. ඔය ඉසුරු සොයා යන අයත් ඇති, ඒත් බහුතරය එහෙම නෙවෙයි.
පුනරුදාව ෆේල්. ඒකයි ඔය. වෙන මොනවා කරන්න ද තියෙන රැකියා ටිකත් නැති වෙලා යනකොට.
ලියන්න තිබුනේ, "ඉසුරු සොයා එතෙර ගිහින්" කියල නෙවෙයි. ලංකාවේ රැකියාවක් කලත්, කාලා ඇඳලා, ගෙයක්දොරක් හදාගෙන ලැබෙන වැටුපෙන් නිදහසේ ජීවත් වෙන්න බැරි නිසා කියලයි .හිඟන කමට පිටරට ගියාට, හිත්වල තියන උද්දච්ජ ඒක කියන්න ලැජ්ජයි...අනික, ලංකාවේ ලැබෙන වැටුපෙන් කෙසේ හෝ ජීවිතය ගැට ගහ ගන්න උත්සහ කලත්, ටියුෂන් කඩ කාරයින්ටයි, පුජකයින්ටයි, දන්සල් ආධාර කාරයින්ටයි, හිඟන්නන්ටයි, කොටහළු ඇතුළු මගුල් ගෙවල් වලට යන්නයි, "ගෙට්ටු ගෙදර්" මුවාවෙන්, ආදි ශිෂ්‍ය සංගම්කාරයිගේ ගැට වලට පුජාකරන්න ගියාම, කාගේ හෝ බෙල්ලක් මිරිකලා මුදලක් ගසාකන්නේ නැතිව කොහොමද මේ රටේ ජීවත් වෙන්නේ. ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතන තරුණ තරුණියන්ගේ ශ්‍රමය සුරාගෙන කමින් ඔවුන්ට සොච්චම් වැටුපක් ගෙවන එකට විරුද්ධව කතා කරන්න බල්ලෙක් වත් නැහැ.දියුණු රටවල් වල, අනෙකාගෙන් සුරා කෑම වෙනුවට, පාට් ටයිම් රැකියාවක් කොට හෝ ජීවත් විය හැකි ආර්ථිකයක් ඒ රටවල නායකයින් නිර්මාණය කොට තිබෙනවා. දියුණු රටවල බුද්ධිමත්, නායකයින් හා ජනතාව, "ජාතික ආරක්ෂාව, විදේශීය කුමන්ත්‍රණ, ආගම් ගැන හෝ ජාතියේ ප්‍රෞඩත්වය, ගැන පුහු පුරාජේරු ගහන්නේ නැහැ. පවතින ආර්ථිකය තුල හැමෝම හොඳින් ජීවත් වෙනවා.
පුනරුදාව පාස් වෙන්න තිබ්බේ වැල්පලමෙන් එගොඩවෙලා 2048 දී. එතකල් විළිරුදාව ඉවසං ඉන්න බැරි කට්ටිය තමයි මේ යන්නේ
රැකියා සොයා ලංකාවට කවුරුත් එන්නෙ නැද්ද