
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසරේ මේ දක්වා කාළය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය 64150 වන අතර. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ ප්‍රමාණය 36 263 කි. මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වේ.
වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 කි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14162 ක් ද, සවුදි අරාබිය සඳහා 12625 පිටත්ව ගොස් තිබේ. මීට අමතරව ජපාන් රැකියා සදහා 4212 ක් ද ඊශ්‍රායල් සඳහා 3395 ද දකුණු කොරියාව 2036 ද ලියාපදිංචි වී පිටත්ව ගොස් තිබේ. සෙසු පිරිස අනෙකුත් රටවල් සදහා ලියාපදිංචි වී විදේශ ගත වී ඇති බවත එම කාර්යාංශය පවසයි.
මේ වසරේ දී 340 000 ක ප්‍රමාණයක් විදේශ ගත කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රටට මෝනා කලත් අපිට වාහනයක් ගන්නවත් කිසිම උදව්වක් නැහැ.. නුපුරුදු රටක භාෂාවත් වෙනස් සීතල මාස දහයක් අපිට අපේම සරණයි නේද? මව් බිමේ ඉන්න අපිට පින නැති කළේ කව්ද? පිටරටවල දුක් විඳින සැමගේ සාපය රට කාපු සැමට ලැබේවා...!
මේ රට මෙහෙම හරි තියෙන්නෙ මේ රටවිරුවෝ නිසා. නමුත් රජය සලකන විදිහ නම් අන්තිමයි. විදේශ නියුක්තියට ලොකු ගානක් ගෙවලා යන්නේ සත පහත පලක් නැහැ .රක්ෂණයක් තියෙනවා. ඒකෙන් නොමිලේ මෙඩිකල් චෙකප් එකක් වත් දෙන්න වටිනව. අවුරුදු ගනන් එහේ වැඩකරලා එන අයට හරියට ලෙඩ එහේ කෑම වලට .පහුගිය ආන්ඩු නම්ක් කරේ දුක් විඳලා එවන සල්ලි වලින් උන්ලා සහ උන්ලාගේ යාලුවොන්ටයි Duty free වාහන සහ පිස්සු කෙලපු එක. මේ ආන්ඩුව හරි යහපත් දෙයක් කරොත් හොඳයි. බලමුකො යුද්දෙටත් විශාල වෂයෙන් දායක උනෙත් විදේශ නියුක්තිකයන් ඒවා කතා කරන්නේවත් නැහැ
ඉසුරුට ඔච්චර යාලුවො