IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉසුරු සොයා මාස 5ට ලක්ෂයක් එතෙර ගිහින්

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසරේ මේ දක්වා කාළය තුළ විදේශ රැකියා සඳහා පිටත් වූ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා 100, 413 ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ස්වයං මාර්ගයෙන් ලියාපදිංචි වූ ප්‍රමාණය 64150 වන අතර. විදේශ රැකියා ඒජන්සි ආයතන මගින් ලියාපදිංචි වූ ප්‍රමාණය 36 263 කි. මේ අතරට කාන්තාවන් 39496 ද පිරිමින් 60917 ක් ද ඇතුලත් වේ.

වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා වන අතර එම ප්‍රමාණය 25672 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා 18474 ක්, කටාර් රාජ්‍ය සඳහා 14162 ක් ද, සවුදි අරාබිය සඳහා 12625 පිටත්ව ගොස් තිබේ. මීට අමතරව ජපාන් රැකියා සදහා 4212 ක් ද ඊශ්‍රායල් සඳහා 3395 ද දකුණු කොරියාව 2036 ද ලියාපදිංචි වී පිටත්ව ගොස් තිබේ. සෙසු පිරිස අනෙකුත් රටවල් සදහා ලියාපදිංචි වී විදේශ ගත වී ඇති බවත එම කාර්යාංශය පවසයි.

මේ වසරේ දී 340 000 ක ප්‍රමාණයක් විදේශ ගත කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවදුරටත් පවසයි.

 



අදහස් (3)

ඉසුරු සොයා මාස 5ට ලක්ෂයක් එතෙර ගිහින්

ලක්සිරි පැරිස් Monday, 19 May 2025 06:58 PM

අපි රටට මෝනා කලත් අපිට වාහනයක් ගන්නවත් කිසිම උදව්වක් නැහැ.. නුපුරුදු රටක භාෂාවත් වෙනස් සීතල මාස දහයක් අපිට අපේම සරණයි නේද? මව් බිමේ ඉන්න අපිට පින නැති කළේ කව්ද? පිටරටවල දුක් විඳින සැමගේ සාපය රට කාපු සැමට ලැබේවා...!

:       0       7

පුරවැසියා Monday, 19 May 2025 09:03 PM

මේ රට මෙහෙම හරි තියෙන්නෙ මේ රටවිරුවෝ නිසා. නමුත් රජය සලකන විදිහ නම් අන්තිමයි. විදේශ නියුක්තියට ලොකු ගානක් ගෙවලා යන්නේ සත පහත පලක් නැහැ .රක්ෂණයක් තියෙනවා. ඒකෙන් නොමිලේ මෙඩිකල් චෙකප් එකක් වත් දෙන්න වටිනව. අවුරුදු ගනන් එහේ වැඩකරලා එන අයට හරියට ලෙඩ එහේ කෑම වලට .පහුගිය ආන්ඩු නම්ක් කරේ දුක් විඳලා එවන සල්ලි වලින් උන්ලා සහ උන්ලාගේ යාලුවොන්ටයි Duty free වාහන සහ පිස්සු කෙලපු එක. මේ ආන්ඩුව හරි යහපත් දෙයක් කරොත් හොඳයි. බලමුකො යුද්දෙටත් විශාල වෂයෙන් දායක උනෙත් විදේශ නියුක්තිකයන් ඒවා කතා කරන්නේවත් නැහැ

:       0       0

Malaka Bandara Monday, 19 May 2025 11:15 PM

ඉසුරුට ඔච්චර යාලුවො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 666 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2333 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site