
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ විය.
ගුවන්තොටුපොළේ කටයුතු අඩපණ වූ බව පැවැසෙන්නේ, හඳුනා නොගත් අද්භූත පියසැරි වස්තුවක් ගුවන්තොටුපොළට ඉහළින් අහසේ සැරිසැරීම නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අද්භූත වස්තුව හේතුවෙන්, මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය 3 ක් ගුවන් තොටුපොළේ රඳවා ගැනීමට ගුවන් බලධාරීන්ට සිදුවුණු බවත්, ගුවන්තොටුපොළට ආ මගී ගුවන් යානා දෙකක් කොල්කොටා සහ ගුවහාතී ගුවන්තොටුපොළ වෙත හරවා යැවුණු බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
ඉන්දියාව ගොඩක් දක්ෂයි මේ වගේ බොරු හදලා ලෝකෙට පෙන්වන්න.
මම හිතුවේ අනුර කුමාර දිසානායක වත් ගිහිල්ලද කියලා. මෝඩි ගැන දන්නේ නැහැ ඉන්දිරා ගාන්ධි හිටියා නම් පළාතට ගන්න එකක් නැහැ. ඒ කාලේ JVP ත්‍රස්තයෝ මැඩ පවත්වන්න ගාන්ධි මැතිනිය හෙලිකොප්ටර් පවා ලංකාවට දුන්න.
මෙය තනිකරම බොරුවකි.ඉන්දියානු අහසේ දීස්වන ඕනෑම අනවසර වස්තුවකට වෙඩි තබා බිම හෙලීමට ඉන්දියානුවන්ට පුළුවන්. ඇයි ඔවුන් මෙයට වෙඩි නොතබා බබා නලවන්නෙ? මම නම් හිතන්නේ මෙය තනිකරම ඉන්දියානු රජයේ නිෂ්පාදනයක් බවයි..
සිය අහස් සීමාවේ ඕනෑම අනවසර වස්තුවක් වෙඩි තබා බිම හෙලීමට ඉන්දියානුවන්ට පුළුවන්.ප්‍රශ්නය මෙම වස්තුව බබා නලවන්නෙ නැතිව ඉන්දියානුවන් ඔහේ සිටියේ.මන්ද?මේවට රැවටෙයි.අපි!!
ළඟ තිබුණු රේල් පාරක, අසූචි ගොඩකට වහවැටුණු මැස්සෝ රැළකටවත් රැවටුණාද?