
(රංජිත් රාජපක්ෂ)
කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව නානුඔය පොලිසියේ නිළධාරියෙක් පැවසීය.
මෙම අනතුර අද (14) පස්වරු 4:00ට පමණ සිදුව තිබේ.
බවුසර් රථයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලීම නිසා ඉන් ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන කාන්දු වීමක් සිදුවන බවත්, එම ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැදී සිටින බව අප කැමරාවේ සටහන් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම මෝඩ වැඩක්නේ, පොලීසිය හරි නම් මිනිස්සුන්ට මෙතැනට කිට්ටු වෙන්නවත් දෙන්නේ නැතිව ඉන්න ඕන. පුංචි වැරැද්දක් ඇති ඔතැන ගිනි ජාලාවක් වෙන්න. අප්‍රිකාවේ ඔහොම ගිනි අරගෙන මිනිස්සු මැරිලා තියෙනවා.
මෙතන ඉන්න බහුතරයක් ජෙප්පෝ...
ආණ්ඩුවට බණින මිනිස්සු බලාගන්න. රටේ විනය හැදිලා තියෙන හැටි.... පෝලිමේ ඉන්න විනයක් හැදිලා තියෙනවා. ඉස්සර නම් කොහොමද මේ වගේ දෙයක් වුණාම පොර කකා තෙල් එකතු කරන්නේ. ඇත්තටම රට යන දිශාව ගැන සතුටුයි. දැන් හරි පාරට වැටිලා තියෙනවා. අනාගතය ගැන බයක් නෑ...
අනේ අපේ දුප්පත්කම
වංගු සහිත පටු මාර්ග වල ධාවනයට මෙවැනි දිග වාහන සුදුසු නැහැ. පොඩ්ඩක් වැරදුනොත් මහා විනාශයක්
වෙන රටක ඔහොම අනතුරක් උනා නම් සාමානය ,මනුස්සයෙකුට පළාතේ ඉන්න දෙන්නේ නෑ පොඩි දේකින් හරි ගින්නක් ඇති උනොත් ජීවිතේ නැති වෙන නිසා. ඒකට මේ රටේ මිනිස්සු පිළිවෙලට පෝලිමේ ඇවිත් තෙල් අරන් යන්නෙ. අහිංසක පොලිසියත් බලන් ඉන්නවා. මේක මරු රටක්. ඉන්න හිතෙන රටක් . පුනරුදය පාර පුරාම යනවා.