(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
බස් ගාස්තු පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව බස් ගාස්තු පහළ දැමීමට නම් ඩීසල් මිල සියයට 4කට වැඩි අගයකින් පහළ යායුතු බවත් කොළඹදී අද(1) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේය.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් රුපියල් 12කින් පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.
ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී මේ පිළිබඳ අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
4% කින් ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩුකරන්නේ නෑ. හැමෝම පුළුවන් හැමවෙලාවේම රතුපාට බස්වලම යන්න. මේ වගේ පාහරයින්ට පාඩමක් ඉගැන්විය යුතුමයි...!
ඉන්ධන අඩුවුණත්, වැඩිවුණත් පුද්ගලික බස් සේවය අන්තිමයි.
රනිල් එහෙම කිව්වාද..? හැබැයි රුපියල් 5කින් වැඩි කළා නම් උඩ පනීවි..!
මේ රටේ ප්‍රවාහන ඇමැති බස් ගැමුණු ද? CTB ගාස්තු අඩු කළා නම් ගැමුණු ගේ පම්පෝරිය ඉවරයි. අවුරුද්දට කයිවාරු ගහන්න ගිහින් ඇනගත්ත හැටි දැක්කනේ...
අවුලක් නැහැ ලංගමේ දැන් බස් තියෙනවා... මහජනතාවට සරිලන මිලකට ගමන් පහසුව සලසා ගන්න කැමැති අය පුද්ගලික බස්වල යාවි ... අවසන් කැමැති පත්‍රෙය් ලියාගෙන...
ආණ්ඩුව තමයි පොට වරද්දවා ගත්තේ... මාසෙන් මාසේ පොඩ්ඩ අඩු කරනවා. අර යකා හැමදාම කියනවා 4%ක් අඩු කරේ නෑ කියලා... ඒ ටික එකතු කරා නම් 10%ක් විතර අඩුවෙලා. කාවද මොවුන් රවට්ටන්නේ...?
තව ටික දවසකින් බස් එකේ යනවට වඩා පුද්ගලික වාහන වල ගමන් යාම ලාභ දායි වෙයි වගේ
අපි නොදන්නා ගැමුණු. කිසිම චාරයක් නැති සභාපති කෙනෙක්