IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව චීන වැසියන්ට සංචාරක වීසා

චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කර ඇත.

2020 වසරේ කොවිඩ්-19 වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණින් සහ 2020 වසරේ ජුනි මාසයේ ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු ගැටුම් දුරදිල යෑම හේතුවෙන් ඉන්දීය රජය, චීන වැසියන්ට සංචාරක වීසා අත්හිටුවීමට තීරණය කර තිබුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වසර 5කට පසුව යළි චීන පුරවැසියන් සඳහා ඉන්දියාව සංචාරක වීසා නිකුත් කිරීම ඊයේ (24) සිට ආරම්භ කෙරුණු බවය.

චීනයේ ඉන්දීය තානාපති කාර්යාලය, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, චීන පුරවැසියන්ට මාර්ගගත අයදුම්පතක් යොමු කිරීම මගින් වීසා ලබා ගැනීමේ හැකියාව පවතින බවය.

ඉන්දියාවත් චීනයත් අතර හටගෙන ඇති අර්බුදය මේ වනවිට යහපත් අතට හැරෙමින් පවතී. පසුගිය දා ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර්, චීනයේ සංචාරයක නියැලුණි. ඒ, ෂැංග්හායි ආර්ථික සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය. එම සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ ද සාකච්ඡා පැවැත්විණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ඉන්දියාව චීන වැසියන්ට සංචාරක වීසා

අරවින්ද මොණරවිල Friday, 25 July 2025 09:36 AM

රුසියාව ඉන්දියාව සහ චීනය එකට එකතු උනොත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඇති ආර්ථික දේශපාලන හා යුධ අධිපතිවාදයෙන් ලෝකය මුදවා ගන්නත් ආසියාව කේන්ද්‍ර කරගත් පාලන රටාවක් ලෝකය තුල ස්ථාපිත කර ගන්නත් හැකිවනු ඇත.

:       1       6

de silva berlin Friday, 25 July 2025 12:34 PM

අරවින්ද මොනරවිල කියන විදිහට කළොත් අපි තවත් ආර්ථික වශයෙන් අමාරුවේ වැටෙනවා.. අපේ නිෂ්පාදන වලින් 70-80 අපි අලෙවි කරන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට, අපේ ඇඟලුම් වැනි නිෂ්පාදන සඳහා ඉන්දියාවේ, චීනෙන් ඉල්ලුමක් නැහැ. බටහිර රටවල අපේ ශ්‍රමිකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගෙන් විශාල ආදායමක් ´ලැබෙනවා... චීනේ, රුසියාව, ඉන්දියාව කියන්නෙත් යුදවාදී රටවල්, ඉන්දියාව සහ චීනේ එකතු වුණොත් මුලින්ම ෂොට් එක වදින්නේ අපිට, 1946 සිට මේ දක්වා ඇමරිකාව සමග කටයුතු කළ බටහිර ජර්මනිය, දකුණු කොරියාව, ජපානය, තායිවානේ වැනි රටවල් විශාල ආර්ථික ප්‍රගතියක් අත්කරගන්න කොට, රුසියාව සමඟ එක්ව කටයුතු කළ නැගෙනහිර ජර්මනිය, පෝලන්තේ, චෙක් රට වැනි යුරෝපයේ රටවල්, උතුරු කොරියාව, වැනි රටවල් විශාල ආර්ථික අගාධ වල වැටුණා.. මොවුන් අතරින් 90 දශකයේ රුසියානු ග්‍රහණයෙන් නිදහස් වුණු පෝලන්ත, චෙක්, ස්ලෝවැකියා වැනි යුරෝපා රටවල් සීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබුවා...

:       0       1

sene Friday, 25 July 2025 03:15 PM

මොනරවිලගේ ඇත්තේ කුඩා ජෙප්පෝ මොලයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 112 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site