
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හය කෝටි පනස් හත් ලක්ෂ හැට දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික කාන්තාවක් අද(06) කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංච් 29 හැවිරිදි සූපවේදිනියකි .ඇය මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව ගමන් බලපත්‍ර ඇසුරෙන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ අතර , ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුළක , පොලිතින් ඇසුරුම් තුළ ඔතා , මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 644 ක් සගවා ගෙන තිබු බව කියයි.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියානූ සූපවේදීනිය කොකේන් සමඟ කටුනායකින් අල්ලයි
චතුරි Sunday, 06 April 2025 06:11 PM
දේශිය විදෙශීය... දූශිත හොරුන්ට නැවත ලන්කාවට නොඑන්නත්, දේශීය දූෂිතයන්ට රටින්පිට නොවෙන්නත්... ඔවුන්ගේ. ගුවන් බලපත් අහෝසි කරන්න...!
Rasika Sunday, 06 April 2025 07:28 PM
ඔබ දන්නේ නැති වුණාට දකුණු ආසියාවේ ඉන්න ලොකුම හොරා, ලොකුම කුඩු රජා තමයි මේ දවස්වල ලංකාවේ ඉඳලා අද ඉන්දියාවට හෙලිකොප්ටර් එකකින් ගියේ. සැක නම් හොයලා බලන්න.
රාසික් Sunday, 06 April 2025 08:43 PM
ඔය ආපු බඩුත් එයාගේ. කිරින්ද වරායේ තව නැව් 2 ක් තියෙනවා. ඒවත් එයාගේ. අද අල්ලපු නැවේ මුල ඉන්නෙත් එයා තමයි