
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූව ලියනගෙමුල්ලේ නිවාස සංකීර්ණයක එල්ලෙමින් තිබියදී අද (11) සොයා ගත් බව සීදුව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙකි .
මෙම ඉන්දියන් ජාතිකයා සීදුවේ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන වාසය කර ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වී ඇත .
ඔහුගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් සිවිලිමේ විදුලි පංකාවක එල්ලෙමින් තිබූ බව පොලීසිය සඳහන් කරයි
සීදුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd