IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇල්පිටිය රෝහලට ’’මල් පිපෙන’’ ආරංචියක්

(අංජුල මහික වීරරත්න)

මෙරට අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු  සක්‍රීය කිරීමට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ඇල්පිටිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන  කමිටුවේ දායකත්වයෙන් රෝහලේ භෞත චිකිත්සක ඒකකයට රුපියල් පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා නවීන යන්ත්‍ර දෙකක් පිරිනැමීම සහ රෝහල් පොලීසිය සඳහා රුපියල් ලක්ෂ 12 ක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයේදීය.

සක්‍රීය සහ ශක්තිමත් රෝහල් සංවර්ධන කමිටු සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීම  අත්‍යාවශ්‍ය බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි භාරගෙන සිදු කළ ප්‍රථම කාර්ය රොහල් සංවර්ධන කමිටු විධිමත් කිරීමට කටයුතු කිරීම බවත් අමාත්‍යවරයා කීය.

අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු  ජාතික රෝහලේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය දක්වා ඒ ඒ රෝහල් වලට ගැලපෙන ලෙස සක්‍රීය කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවැසීය. 

එහිදී රෝහල් වර්ගීකරණය අනුව රෝහල් සංවර්ධන කමිටුවේ සිටිය යූතු ප්‍රමාණය, සංයුතිය පිළිබඳවත් අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සක්‍රීය රෝහල් සංවර්ධන කමිටු සැලකිය යුතු රෝහල් ප්‍රමාණයක ස්ථාපිත කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

තමන් “පොරොන්දු දේශපාලනය” අනුගමනය නොකරන බව ද මෙහිදී පැවැසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දකුණු පළාත ඇතුළුව සමස්ත දිවයිනේ පුරා සැලසුම් සහගත ක්‍රමවේදයක් ඔස්සේ රෝහල් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බවත්, ඒ අනුව දකුණු පළාතේ රෝහල් පද්ධතිය ද එම වැඩපිළිවෙල තුළ ශක්තිමත් වනු ඇති බවත් වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (0)

ඇල්පිටිය රෝහලට ’’මල් පිපෙන’’ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site