IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමති නිවාස කැලෑවට ගිහින්: අවුරුද්දෙන් පසු තීරණයක්

(සුජිත් හේවාජුලිගේ)

ඇමති නිවාස කාලයක් තිස්සේ වසා දමා තිබීම හේතුවෙන් වල් වැදී ඒවා ජරාවාස  වෙමින් තිබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ ඇමති නිවාස සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ

ඇමති නිවාස සම්බන්ධයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු තීරණයක් ගන්නා බවයි

මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

වර්තමාන රජයේ මැති ඇමතිවරුන් ඇමති නිල නිවාස ලබා නොගන්නා බවට දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

කොළඹ පිහිටා ඇති ඇමති නිලනිවාස සංඛ්‍යාව තිස්පහකි.

මින් එක නිල නිවාසයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරිහරණයට දැනටමත් ලබාදී ඇත.

ඇමති නිල නිවාස කුලියට ලබාදෙන ලෙස තානාපති කාර්යාල රජයේ ආයතන ඇතුළු ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම්  කර ඇත.

ඇමති නිල නිවාස තානාපති කාර්යාල වලට ලබාදීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු වී ඇත.

ඇමති නිල නිවාස සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පසුගියදා බාර දුන්නේය.



අදහස් (3)

ඇමති නිවාස කැලෑවට ගිහින්: අවුරුද්දෙන් පසු තීරණයක්

de silva Saturday, 12 April 2025 09:58 AM

ඕවා අවශ්‍ය නැතිනම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවලා විකුණලා දමලා රජයේ ණය බර අඩු කරගන්න බැරිද? අපි ගත්තු ණයවලට මාස් පතා පොලිය එකතුවෙන බව අමතක කරන්න එපා. රජය රජයේ වියදම් පියවා ගන්න අදටත් දිනකට රුපියල් බිලියන 1,5-2 අතර මුදලක් ණය වෙන බව අමතක කරන්න එපා. ඔය නිවාස නඩත්තු කරන්නත් මුදල් අවශ්‍ය වෙනවා...

:       0       0

ලුම්බිණි Saturday, 12 April 2025 01:52 PM

කරන දෙයක් ඉක්මනට කරනවා ඇමැතිතුමා...

:       0       0

ගුණරත්න Sunday, 13 April 2025 12:58 AM

වෙන්න බෑ නේ, ආණ්ඩුව කලින් කිව්වේ නම් ඇමැති නිවාස කෝටි ගණන් වැයකර අලුත්වැඩියා කර ඒවායේ පසුගිය රජයේ ඇමැතිවරු පදිංචිව හිටියා කියලා නොවේද? එහෙම නම් මාස 6ට ගරා වැටිලාද? ඒකත් වෙන්න බැහැනේ. එහෙනම් වෙන්න පුළුවන් එකම දේ ආණ්ඩුව මේ දේපළ විකුණා දමන්න ක්‍රම සොයා බලනවා විය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 743 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site