අභාවප්‍රාප්ත වූ වතු යටිතල පහසුකම් හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ,හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,හිටපු කතානායක කරූ ජයසූරිය මහත්වරු ප්‍රමුඛ මැති ඇමැතිවරු සහ හිටපු මන්ත්‍රීවරු තොණ්ඩමාන් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියහ.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැමිණ සිටි පිරිස විෂබීජ හරණය කිරීමෙන් පසු තොණ්ඩමන් මහතාට අවසන් ගෞරව දක්වන අයුරුද දකින්නට ලැබිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධායන නීති රෙගුලාසි අදාල පොඩි මිනිහට විතරද?
කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැතිතුමා තාම මේවගේ අවමගුලකට සහභාගී නොවෙන බව ආරංචියි..