
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඇතැමුන් නීති විරෝධී ලෙස හිරකරුවන්ට නිදහස ලබා දී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික පොසොන් උත්සවය අමතමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී අද (10) පැවසීය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් නීති විරෝධී ගමන් බලපත්‍ර නිකුත් කරන තැනට පත්ව තිබෙන්නේ යැයි කී ජනාධිපතිවරයා එලෙස පතාල නායකයින්ට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කර තිබෙන බව සඳහන් කළේය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී වැඩ කර තිබෙන අතර මෙම ආයතන පිළිබඳ පුරවැසියා සිටින්නේ සතුටුදායක මානසික තත්ත්වයකින් නොවේ යැයි ජනාධිපතිවරයා කීය.
මෙම රාජ්‍ය ආයතන පද්ධතිය නැවත ගොඩනැගීම සඳහා කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා එම කාර්ය අත් නොහැර සිදු කිරීමට පොදු පුරවැසියාගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.
ලංකාවේ පරිහානික යුගය අවසන් කර ජයග්‍රාහී භෞතික සහ ආධ්‍යාත්මික දියුණු ජීවන තත්ත්වය වෙත පරිවර්තනය කළ යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
පුරවැසියාගේ පුරවැසි වගකීම වර්ධනය කිරීම සඳහා ශිෂ්ට සම්පන්නභාවය රැගෙන ආ යුතු යැයි ද ඒ සඳහා බෞද්ධ දර්ශනයෙන් මඟපෙන්වීමක් ලබා ගත හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන් බොරුවට වර්ණනා කරලා හොඳ අහනවාට වඩා මේ යථාර්ථය පෙන්වාදීම තමයි අගයකළ යුත්තේ. බණ පද සීයකට වඩා උතුම් ඒක...!
ඇයි වටගලයා...! පාර්ස්පෝර්ට් කන්තෝරුවේ වැඩ බාරගන්න ආපු දවසේම, කොහේද යන අපතයෙකුට පාර්ස්පෝර්ට් 17ක්ම පටස් ගාලා හොරෙන් හදලා දුන්නේ...! හොරු අල්ලනවා නම් වටගලයාගෙන්ම පටන් ගන්න තඹුත්තේගම ලපයෝ !
ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම බොරු කියන විට, කූට රාජ්‍ය සේවකයෙකුටත් එයින් ප්‍රයෝජන ගත හැකියි. මෙහි ඇතුළත් කර ඇති ආණ්ඩුවේ ඇමැතිවරයෙක් සිටී දැයි කවුද දන්නේ...? මේ කූට දේශයේ ඕනෑම දෙයක් කළ හැකියි. ඔබට 2/3 බලයක් තිබේ, ඔබට මරණ දඬුවම නියම කළ හැකිද? බිය ඇයි?
කංජිපානි ඉම්රාන්ටද?
ලෝකෙ පළමු වතාවට තමන්ගේ රට හැදෙයි කියලා බයෙන් ඉන්න අපතයින් සෙට් එකකුත් දැන් මේ රටේ ඉන්නවා!. සත පහක්වත් නොඑවපු ජයශාන්තත් එයින් කෙනෙක්...!!
නමුත් වත්මන් ජනාධිපති තුමාට හා රජයට කියන්නේ, මේ කතන්දර වැඩක් නැහැ... මීට සම්බන්ධ පුද්ගලයින්ව වහාම සේවයෙන් පහකොට අධිකරණයට පමුණුවා, දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන්න.. ඔබලාට බලය ලබා දුන්නේ, අපේ බඩ පුරවා ගැනීමට නොව, මේ රටේ පවතින දුෂිත ක්‍රමයෙන් මේ රට මුදා ගැනීමටයි...දුෂිතයන් හුරතල් කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනටමත් කනස්සල්ලෙන් සිටින බව මතක් කරමි.
තාමත් ඉතින් ඕපාදූප කිය කියා විපක්ෂයේ දවස් වල වගේ ගැම්ම දීගෙන ඇවිදින්න. වැඩ කරන්න එපා.