
(අංජුල මහික වීරරත්න)
විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගොවිපොළ හෝ කෘෂි කාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ වන විට ස්ථාපිත කර ඇත.
ඒ අතුරින් වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මඩකලපුව හැර අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන 14 දැනට ක්‍රියාත්මකව පවතී.
එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය 2006-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ සංගම් වල නිල බලයෙන් පත් වන සාමාජිකයින්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් මඟින් සිදු කරනු ලබයි.
මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වල ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථකව සහ තිරසරව සිදු කිරීම සඳහා මධ්‍යගත, නෛතික ව පිළිගත හැකි සහ වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි කාර්යයන් පැහැදිලි වන්නේ නම් වඩාත් හොඳයි. එමෙන්ම වෙළඳ ප්‍රජාවගේ හිතුමතේ මිල පාලනය නතර කර පාරිභෝගිකයා සාධාරණය ඉටුකළ යුතුයි.
ගොවියාව ආර්ථික මධ්‍යස්ථානය ට ගෙන්වල අතරමැදියට වගාව පූජා කරනවා, ආර්ථික මධ්‍යස්ථාන හදල අතරමැදි මාෆියා කාරයන්ට දෙනවට වඩා ගොවි සමිති හදල සමිති වලට ආර්ථික මධ්‍යස්ථාන වල කඩ ලබා දුන්නොතින් හොඳයි, හැමදාම එළවලු පලතුරු ගිනි ගණන් හැබැයි ආර්ථික මධ්‍යස්ථාන වල ගොවීන්ගේ නිෂ්පාදන තුට්ටු දෙක ට විකිනෙන්නේ. නැතිනම් විසික්වෙනවා.