IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි  ජන බලවේගය ගෙන එන  විශ්වාසභංග යෝජනාව  කතානායකවරයාට හෙට   බාරදීමට නියමිත බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා පැවසීය.

යෝජනාව ගෙන එන්නේ රහුමාන් මහතාගේ  යෝජනාවකට අනුවය.පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් බාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර්  රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේදී  පසුගියදා පෙන්වා දුන්නේය.

මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක්  ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.



අදහස් (6)

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි

විපරමා Sunday, 10 August 2025 03:08 PM

රනිල්ගේ කාලේ පළාත් පාලන ඡන්දෙන් නගරාධිපතිකමට සිහින මැව්වා. බැරිවුණා. ඊට පස්සේ කොළඹ බලය සමගියට අරගන්ඩ පුදුම සටනක් දුන්නා. ඒකත් සුනේ සුන්.

:       5       25

ලයන් Sunday, 10 August 2025 05:49 PM

මේ සාපයක්...

:       2       16

kamal Sunday, 10 August 2025 11:40 PM

දැන් මේ ගොල්ලෝ වෙඩිකාපු ඌරො වගේ CMC එකෙන් ලැබුණු ප්‍රතිලාභ නැතිව...

:       0       1

Perera Monday, 11 August 2025 07:23 AM

කරයි ඉටිගෙඩියක්

:       0       3

සරත් Monday, 11 August 2025 08:33 AM

මේ විපක්ෂය රටට සාපයක්

:       0       3

චිනතක Monday, 11 August 2025 09:57 AM

මේ නානා , වැඩක් නැත්නම් පිටකොටුවේ ,බඩු විකුණන්නකෝ , ඔයයි රිලාසිරියයි. රාජකරුනයි තුන්දෙනාටම තියෙන්නේ එකම ලෙඩේ. මොකද දැන් ගසා කන්න නැති එක

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 11 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 728 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17985 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

Our Group Site