
(රේඛා තරංගනී ෆොන්සේකාළ)
ලංකාවේ වඩාත්ම සංකේතාත්මක සංචාරක ගමනාන්තයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගත් "අහසේ පාලම" ලෙසද හඳුන්වන ආරුක්කු නවයේ පාලම, සහ බිංගෙය විදුලිය බල්බ යොදා ආලෝකමත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කර ඇත.
එම ව්‍යාපෘතියේ පෙර පරික්ෂාවක් සිදු කළ අතර warm withe පැහැයේ විදුලි බුබුලු හැත්තෑවක් මේ සඳහා යොදාගෙන ගත් බව මේ සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතාගෙ කල විමසීමේද ඔහු පැවසීය.
වසර 104 පැරණි 1921 දී බ්‍රිතාන්‍යයන් පාලන සමයේ ඉදි කළ බව කියන මෙම ආරුක්කු නවයේ පාලමේ කෞතුක බව රැකෙන පරිදි (Heritage monument lighting system)උරුම ස්මාරක ආලෝකකරණ පද්ධතිය ලෙස ආලෝක කිරීම සිදුකෙරෙන බව ඉංජිනේරු (ඉහළ) ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්ලර වැඩ
ඔන්න දැං ශ්‍රී ලාංකික කම පෙන්නන්න පුලුවන්නම් බල්බ් ටික ගල් කරපල්ලා.
හොඳ වැඩක්...
යටත් විජිත කාලයේ ගොඩනැගිලි රැකගන්න. අනාගතේ පරරපුරට දැනගන්න මෙයාවත් අපගේ ඉතිහාසයේ කොටසක් ...
අනවශ්‍ය වැඩක්. බිංගේ ඇතුළේ දවල් කාලයේ නොපෙනෙන තරමට කලුවරක් නෑ. පාලම යටි පැත්තේ කවුරුවත් නොයන නිසා විදුලි ආලෝකය අවශ්‍ය නැහැ.