IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර 4 කට ආසන්න භුමියක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
 
දේශපාලඥයින්ගේ මැදිහත්වීමෙන් එම භූමියේ ඉස්සන් ටැංකි සාදා ඇති බවද, හලාවත දිසා අධිකරණයටද මෙම විනාශය පිළිබඳව කරුණු වාර්තා කර ඇති බවද හෙතෙම කියාසිටී. ඉකුත් 25 වැනිදා රාත්‍රියේ උඩප්පුව ප්‍රධාන මාර්ගයෙන් රැම්සා අභය භූමියට ඩෝසර් යන්ත්‍ර ඇතුළු කර ඉන් පසුව මුතුපන්තියට ගමන් ගන්නා අතුරු මාර්ගය පිහිටි පිංකට්ටිය ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බව පරිසරවේදීහු පවසති.
 
මෙයට පෙරද අවස්ථා ගණනාවකදී දේශපාලන මැදිහත්වීම් මත රැම්සා අභය භූමියට බලහත්කාරයෙන්  ඇතුළු වී ඉස්සන් ටැංකි සකසා තිබූ බවත්, 2000 වසරේදීත් එවැන්නක් වූ බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමඟ එම පිරිස භූමියෙන් පිටව ගිය බවත් ඔවුහු කියති. පරිසර වැනසු පිරිස මෙම භූමියෙන් ඉවත් වී යාමෙන් පසුව අදාළ පෙදෙසෙහි නැවත කඩොලාන රෝපණය කිරීමට වන ජීවි නිලධාරින් සියලු කටයුතු අරඹා තිබුණි.

වයඹ පරිසර හඩ සංවිධානයේ සංවිධායක  පරිසරවේදියකු වන අජීත් ගිහාන්  මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“මේ රැම්සා තෙත් බිම අවස්ථා ගණනාවකදි දේශපාලඥයින්ගේ බල පුළුවන්කාරකමට වනසා දැම්මා. නමුත් අපි මෙවර විශ්වාස කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සඳහා සුදුසු නීතිමය පියවර නිවැරදි විදිහට ගනී කියලා. පරිසරය වනසන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නාතෙක් අපි බලා සිටිනවා” යැයිද ගිහාන් මහතා කියයි.
 
ආනවිළුන්දාව රැම්සා අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.
 
අලංකාර වැව් පද්ධතියකින් සමන්විත  ආනවිළුන්දාව දේශීය හා විදේශීය කුරුල්ලන්ගේ සුවිශේෂ වාසභූමියකි. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට ඇතුළු වීමට හැකිය.

ඡායාරූප සඳහා පිවිසෙන්න - ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා



අදහස් (6)

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා

Dilhani Thursday, 27 August 2020 01:05 PM

ඔක්සිජන් මොකටද කියපු කෙනාගේ ගමනම් තමයි...

:       0       35

FernandoThursday, 27 August 2020 09:40 PM

විල්පත්තුව රැකගන්න කියලා අලුත් ආණ්ඩුවක් ගෙනාපු බයියන්ට දැන් සැපද?

:       0       33

BamunuarachchiFriday, 28 August 2020 06:17 AM

සැපයි, සැපයි ප්‍රනාන්දුලා, පෙරේරලා, සිල්වාලා, බදියුදීන්ලාගේ මිනිස්සුන්ට සිංහල ඉඩම් දෙන්න තවත් කැමැතියි නේද? දැන් අපිට අඩුගණනේ ඉස්සොවත් කන්න ලැබෙනවා. විල්පත්තුව කැපුවා නම් සමගි බයියන්ට බදියුදීන් සමග තණකොළ තමයි කන්න වෙන්නේ. ප්‍රනාන්දු කෙනෙක් කීව නිසා අපිට එතරම් සිතන්න දෙයක් නැහැ.

:       38       0

BamunuarachchiFriday, 28 August 2020 12:15 PM

විල්පත්තුව අක්කර දහස් ගාණක් කැපුව වෙලාවේ යහපාලකයෝ ගාණ බෙදාගෙන සද්ද වහලා හිටියා... ඒකට අපේ කට්ටිය වනාථවිල්ලුවේ අක්කරයක් එළි කෙරුවාට පාර්ලිමේන්තුවේ කතාකරලා අධිකරණයටත් ගිහිල්ලා. අහන්න දෙයක් නැහැ වනාථවිල්ලුවේ අක්කරය කපලා තියෙන්නෙත් යහපාලක ගොයියෙක්ම තමයි.

:       0       0

nalin Thursday, 27 August 2020 01:58 PM

ඔව්වා කරන්නනේ ඉතින් මේ ආණ්ඩුවට ලොකු බලයක් දුන්නේ... මොකද මේ ආණ්ඩුව පටන්ගත්තු මුල් කාලේ ඉඳලාම කරන්න හැදුවේ පරිසරයට හානිකරන වැඩ.. ඉතින් එහෙම තියාගෙනත් 2/3 බලයක් දුන්නාම ඇමැතිලා හිතන්න ඇති ඔව්වා කළාට කමක් නැහැ කියලා...

:       41       130

Bamunuarachchi Friday, 28 August 2020 06:19 AM

අහන්න දෙයක් නැහැ ඔක්සිජන් මොකටද අහපු ගොයියගේ ව්‍යාපෘතියක් වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site