(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ විශේෂ වැඩසටහන අද (01) සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා නිදහස්, පිරිසිදු සහ සෞඛ්යාරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි. ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ.
ඒ අනුව, රාජ්‍ය ආයතන වල සීමිත ඉඩකඩ ප්රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්රමුඛ කාර්යයක් වනු ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව, මෙම සතියේ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතුය.
ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරේ. තවද, භාවිතයට ගත නොහැකි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ, පැරණි මෝටර් රථ සහ ලිපිගොනු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන ලෙසට ද උපදෙස් දී ඇත. මෙම ‘සෙයිරි සතිය’ එක්වරක් පමණක් ක්‍රියාත්මක කර නතර නොකර, එමගින් ඇති කරන සංවිධිත පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථිර ක්‍රමවේදයක් සකස් කර, ඒ සඳහා නිලධාරියෙකුට වගකීම් පවරන ලෙසද සියලුම ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආණ්ඩුවේ ආයතන සුද්ද කරන සෙයිරි සතිය අද ඇරැඹේ
Chinthaka Monday, 01 September 2025 02:26 PM
පසුගිය කාලයේ එස් පහ සංකල්පය ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අනවශ්‍ය ලේඛන හැටියට කිසිමදාක විනාශකිරීම නොකලයුතුයි කියන කාර්යාලයේ ආරම්භ කිරීම පිළිඹද විස්තර සහිත ගොනුව හා කාර්යාලයේ ලොග් සටහන් විනාශකර සම්මාන ගත් කාර්යාල තියෙනවා එයින් කාර්යාලයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනාශවෙලා තියෙනවා එහෙම එක් කාර්යාලයක ආරම්භයේ සිට හිටපු ආයතන ප්‍රධානින්ගේ ලැයිස්තුව වැරැදියට සකසා පඩිපෙළේ එල්ලා තියෙනවා එ නිසා සෙයිරි කරද්දී සුරක්ෂිතව තබාගතයුතු ලේඛන ආරක්ෂාව ගැන නිළධාරි දනුවත් කිරීමත් කරනවා නම් ඉතාමත් හොදයි
Pradeep Kumara Monday, 01 September 2025 02:42 PM
සෙයිරි යනු ජපන් ජාතිකයින්ගේ එස් පහ සංකල්පයේ පළමු වැන්නයි. සෙයිරි, සෙයිතොන්, සෙයිසෝ, සෙයිකෙත්සු සහ ෂිත්සුකේ. එක් එක් ආයතන වල මේ සියල්ලම කළහැකි නම් එය ඉතාමත් අනර්ඝයි.
Ekanayake Monday, 01 September 2025 11:03 PM
මීට පෙර අවස්ථා ගණනාවක් ඔය වැඩේ රජයේ කාර්යාලවල කළා. ඒ වුණාට රජයේ කාර්යාල වල කාර්යක්ෂමතාව සහ සේවා තත්ත්වයන් ඉහළ ගිහින් නෑ. දැනුත් එකම කරලා වැඩක් නෑ. සෑම රජයේ සේවකයාටම ඉලක්ක දීලා ඒවා පසු විපරම් කළොත් වැඩක් වෙයි.