
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලුත් කොන්දේසි සහිත අයි.එම්.එෆ් ගිවිසුමක් මේ අය පොරොන්දු වුණා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. අද මේ රජය ඉදිරියට යන්නේ පහුගිය රජයේ අයි.එම්.එෆ් කොන්දේසිය යටතේ.ඒ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක නොකළ එක දෙයක්. ඒ වගේම විදුලි බිල සීයට 33කින් අඩු කරන බව කිව්වා.නමුත් හෙට අනිද්දා විදුලි බිල සීයට 6.8 කින් අඩු කරන්න හදනවා.මේවා කරන්න හදන්නේ නිසි පිරිවැය ගණනය කිරීමකින් තොරවයි.මෙච්චර ජනවරමක් අරගත්තේ අයි.එම්.එෆ් කියන පදයට නටන්නද? අද මේ ආණ්ඩුව අයි.එම්.එෆ් එකේ රූකඩයක් බවට පත්වෙලා.අප රටේ දරිද්‍රතා කම්පන නිර්මාණය වී තිබෙන බව ලෝක බැංකුව කියනවා.ගෘහයක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුව අයි.එම්.එෆ් රූකඩයක්
රනේ Thursday, 09 October 2025 03:44 PM
කණ්ණාඩියට එබිල බලාගන්න රූකඩ.
Rata Perata Thursday, 09 October 2025 03:49 PM
අයි.එම්.එෆ් යන පාර හදනකොට කට වහගෙන හිටපු උන් දැන් අයි.එම්.එෆ් රූකඩලු. පිස්සු අවස්ථාවාදි මිනිස්සු.
අරවින්ද මොණරවිල Thursday, 09 October 2025 04:43 PM
තමුසෙලා රට බංකොලොත් කෙරුවේ නැත්නම්, ඔහොම ප්‍රශ්ණයක් නැහැ නේද?
de silva Thursday, 09 October 2025 05:28 PM
IMF කියන ආකාරයට වැඩ නොකලොත් ආර්ථිකේ නැවත වැටෙනවා. කාට වුණත් ඡන්දයට කලින් කිව්ව විදිහට කරන්න බැහැ.. ලබන ඡන්දෙදී IMF කියන ආකාරයට වැඩ කරනවා කියන මනුස්සයෙක්ට ඡන්දෙ දෙන්න.
Neel Thursday, 09 October 2025 06:27 PM
ඔයා රනිල්ගේ සහ මහින්ද රාජපක්‍ෂගේ රූකඩේ බව රටම දන්නවා... නමුත් ඔයාට ඒක දැනෙන්නේ නැහැ.
de silva Friday, 10 October 2025 12:33 PM
ඔය ආර්ථිකය ගැන කතා කරන්න යන්න එපා. ඔය ඒවා දන්නේ නැහැ. ආර්ථිකය ගැන කතා කිරීම හර්ෂට, එරාන්ට හෝ කබීර් භාර දීලා, ඔය දන්නා විෂය වන කැලේ ඉන්න අලි දුම්රියේ ගැටී මැරෙන හේතුව වැනි ඔයාට පුළුවන් මාතෘකාවක් ගැන කතා කරන්න. වෙන බහුභූත කතා කරන්න ගියොත් තිබෙන ඡන්ද ටිකත් කැඩෙනවා...