
(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව ජනතා ප්‍රශ්න මඟ හැරීම සඳහා විවිධ ජනප්‍රිය මාතෘකා සතිපතා තෝරා ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසිය.
ජනතාවගේ හාල්, පොල් ඇතුලු ජීවන වියදම් ප්‍රශ්න සඳහා විසැදුම් දීමට ආණ්ඩුව පත්ව දින 100 ක් ගතවී ඇතත් නොහැකි වි ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තවදුරටත් මෙසේද පැවැසීය.
“ජනාධිපතිවරයා කරන්නේ රටේ තිබෙන සැබෑ ප්‍රශ්න අමතක කරන්න දුෂිතයන්ට වංචාකරුන්ට දඬුවම් දෙනවා හොරු අල්ලන්නවා කියලා අමුතුවෙන් කැ ගහන්න අවශ්‍ය වෙන්නේ නෑ. හාල් පොල් ඇතුලු මිනිස්සුන්ගේ ජිවින වියදම් ප්‍රශ්නය, රේගුවේ ප්‍රශ්නය, පාස්පොට් ප්‍රශ්නයට ජනාධිපතිවරයා නිසි විසදුම් ලබාදිමට කටයුතු කළ යුතුයි.
හොරු අල්ලනවා කියලා ජනතාවගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. හොරු ඇල්ලිම ගැන නිතරම ජනාධිපතිවරයාට සහ ඇමැතිවරුන්ට කතා කරන්න වෙනවා කියන්නේ රටේ නිතියේ ආධිපත්‍ය සුරක්ෂිත වෙලා නෑ කියන එකයි.
ආණ්ඩුවත් තැනින් තැන රැස්විම් පවත්වමින් යනවා. නමුත් ඒ රැස්විම් වලදි ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබාදිමක් නම් සිදුවන්නේ නෑ. ගෝඨාභයගේ ගම සමග පිලිසදර වැඩසටහනේදි ගෝඨාභය මහත්තයා ජනතාව අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙනවා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා ගමින් ගමට ගිහින් කරන්නේ ප්‍රශ්නනයි උත්තරයයි දෙකම ප්‍රකාශ කරලා පිටත් වෙන එකයි. කාටවත් ප්‍රශ්න අහන්න දෙන්නේ නෑ ජනාධිපතිවරයා ප්‍රශ්නයත් අහලා ඔහුම ඊට පිළිතුරත් ලබාදෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හින්දා වෙන්නත් ඇති නේද පාර්ලිමේන්තුවේ ආහාර මිල වැඩියි කියලා කන්කෙඳිරියක් ඇහුනේ
හාල් පොල් ප්‍රශ්නේ විසදද්දී කෑ ගහනවා, හොරු අල්ලන්නේ නෑ කියලා. හොරු අල්ලද්දී කෑ ගහනවා හාල් පොල් නෑ කියලා. හාල් පොල් නන් කවදත් කෑවනේ. ඒ වගේද මේ වගේ ලොකු හොරු ඇතුලට දාන එක. ඔයත් වැඩක් ඇති දෙයක් කරන්නකෝ නිකන් පොඩි ළමයි අවදානය ගන්නවා වගේ මාද්‍ය සාකච්චා විතරක් තියන්නේ නැතුව .
මෙතුවක් කාලයක් රටේ සැබෑ ප්‍රශ්න නොදුටු ඔබලා හිතුවෙ දේශපාලනය යනු ආවගමන්ම වරප්ප්‍රසාධ ලබාගෙන රටින් මොනවාහෝ වෙලඳ බඩු ආනයනය කර, ජනතාවට තාවකාලික සතුටක් ලබාදී පාලනයේ සිටීමයි.රට තවතවත් ආර්ථික ප්‍රපාතයටම තල්ලුකර තවමත් සාම්ප්‍රධායික දේශපාලනයෙන් මිදීමට ඔබලාට මනසක් නොමැතිවීම ගැන කනගාටුයි. ජනතාව නොමග යැවීමට කටයුතු නොකරනු මැනවි.
මුන් ආණ්ඩුකරපු කාලේ ප්‍රශ්න මතක් උන එවුන්නේ
මහත්තයෝ, ආණ්ඩුව සැබෑ ප්‍රශ්න වලට සාධනීය සහ ස්ථිරසාර විසදුම් සකසමින් සිටිනවා. මාධ්‍ය පෙන්නන්නේ ඔබ කියන දේවල් පමණයි.
අනේ නානා කටවහගෙන ඉන්න , බලයේ ඉන්න කොට රට නොවේ , තමන්ගේ වර්ගයා දියුණු කරපු තවත් නාම්බෙක්
හා හා, කලබල වෙන්න එපා. මේක ගොඩගන්න ලේසි නැතිබව අපි දන්නවා. හැමදේම බැලන්ස් කරගෙන යනවා. ජනතාව වන අපට පෙනෙනවා. ඔවුන් කලේ නැත්තම් ඔයගොල්ලෝ කොහොමත් කරන්නේ නෑ.
විපක්ෂට ජනතාවගේ සැබෑ ප්‍රශ්න හොදටම මතක තියෙනවා නේද මුජිබර්, ඒකනේ පාර්ලිමේන්තු ග්‍රහ කාරක සභාවේ දී පාර්ලිමේන්තු ආපන ශාලාවේ ආහාර වල මිල ගණන් වැඩියි කියලා කෙදිරි ගෑවේ.
රටේ තියෙන ප්‍රශ්නයි, ඒකට පිළිතුරයි, ජනපතිවරයාම දෙනවනම්, ඒක තමයි විය යුත්තේ...මෙයා බලන් ඉන්නෙ ජනපති ප්‍රශ්න අහලා ජනතාව පිළිතුරු දෙනකම් හරි, ජනතාව ප්‍රශ්න අහලා ජනපති පිළිතුරු දෙනකම් හරි වෙන්න ඇති? ප්‍රාදේශීයව ඇති ප්‍රශ්න පාර්ලිමේන්තුවට, කැබිනට් එකට විසඳුම් සඳහා ගෙනෙන එක ප්‍රාදේශීයව ඉන්න මැති-ඇමතිවරුන්ගෙ වගකීමක්. ඒ වගේම මෙයාට අමතක වෙලා, මෙයාලගේ කාලේ, ගුවන්තොටුපළේ වී ගොඩගහපුවා, පොල් බෑයවල් ඉන්දියාවෙන් ගෙනාපුවා. ඒ කාලේ නිසි ක්‍රියාමාර්ග ගත්තානම්, අද සැලකියයුතු වී ප්‍රමාණයක් රජයේ ගබඩා වල. පොල්ගස් පැලවෙලා දැන් නිසි පලදාවක් එනවා... ඒවා නොකර රාජගිරියේ හිස් බිල්ඩිමකට කෝටි ගණන් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ගෙව්වා. අන්තිමට ඒකට උපදෙස් දීපු අගමැතියි, ක්‍රියාවට නගපු ඇමතියි ලස්සනට අත හොදගත්ත. මුන්ට රටගැන කැක්කුමක් කවදාවත් තිබුණේ නෑ
ඒ වුනාට මිස්ටර් මුජිබර්, ඔයාල ( සජබ) ට පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි එක ප්‍රශ්නයක් වෙලා, ලොකූ සද්දයක් දැම්මා නේ.
සමහරවට මරික්කාර් මෙයාට අර වාහන ප්‍රශ්න මතක් කරලා දෙන්න ඇති. ඒක තමයි මෙයාලට තිබෙන දැවෙන ප්‍රශ්න. කාලකන්නි