(ඉන්දිකා  රාමනායක)

අසාත් සාලි මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අසාත් සාලි මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට එරෙහිව පාර්ශව කීපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර එම කරුණු සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ ප්‍රකාශ ඇතුළු කරුණු සම්බන්ධයෙන්  ද  මෙම පරීක්ෂණ සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය