ඉන්දිකා රාමනායක

වැලිකඩ ගුවන් පාලම ආසන්නයේ අද (23) පෙරවරුවේ රථවාහන මෙහෙයුමක නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක්  යටකරගෙන වෑන් රථයක් ධාවනය කිරීම හේතුවෙන් උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් පුද්ගලයකු මියගොස් ඇතැයි වැලිකඩ පොලීසිය කියයි.

කුඩා ලොරියක් නතර කර පරීක්ෂා කරමින් සිටියදී බත්තරමුල්ල දෙසින් පැමිණි වෑන් රථයක්  නිලධාරීන්ද යට කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලිස් හදිසි ඇමතුම් අංශය රාජකාරි කරමින් සිටි (52)හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු සහ කුඩා ලොරියේ සහයක බව ද පොලිසිය කියයි.

වෑන් රථයේ  රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.