නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.
සිද්ධිය දුටුවන් පැවැසුවේ, ට්‍රක් රථයේ රියදුරු උමතුවෙන් මෙන්, අවුරුදු සැමරුම්වල නියැලෙමින් සිටි පුද්ගලයන් යට කරන්න වූ බවය.
පිකප් ට්‍රක් රථයට යටවීමෙන් 10 දෙනකු මියගිය බවත්, 35 දෙනකු තුවාල ලැබූ බවත් පොලිසිය පසුව පැවැසීය. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ අතර, ඔවුන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ඒ අනුව, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි.
එෆ්.බී.අයි. කාර්යාංශය ද කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ඔවුන් එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත.
පිකප් ට්‍රක් රථය පිරිස අතරට කඩා වදිද්දී, නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු වහා ක්‍රියාත්මක වී, රියදුරු කොටු කර ගැනීමට උත්සාහ කළහ.
බේරී යෑමට තැත් කළ රියදුරාට පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට පටන් ගත්තේය. රියදුරා පොලිසියට කොටු වෙද්දී, ඔහු ද පෙරළ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බව පැවැසෙයි. කෙසේ නමුත්, පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයෙන් රියදුරා ජීවිතක්ෂයට පත් විය.
පිකප් රියේ තිබී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ධජයක්, ගිනි අවි කීපයක් සහ පුපුරන ද්‍රව්‍ය හමුවී ඇත. විමර්ශනවලට සම්බන්ධ වූ එෆ්.බී.අයි. පරීක්ෂකයන් 42 හැවිරිදි ඔහු විශ්‍රාමික ඇමෙරිකන් හමුදා සාමාජිකයකු බවය. ඔහු අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයකුදැයි සෙවීමටත්, ඔහුට සහාය දුන් පුද්ගලයන් සෙවීමටත් මේ වනවිට විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත.
නිව් ඕලන්ස් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, හෝම්ලෑන්ඩ් ස්වදේශ ආරක්ෂක අංශය, ජනාධිපති ජෝ බයිඩන්ට දැනුම් දුන් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ප්‍රහාරය සම්බන්ධයෙන් බයිඩන් කම්පනයට පත්වුණු බව ද වාර්තා වේ.
CNN
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්
End Game Thursday, 02 January 2025 09:08 AM
ඇමෙරිකාවට අවුරුදු 10 ක්වත් යයි ඕක ගැන හොයන්න ලංකාවේ වගේ රවන පුත්තු නේ... ලංකාව වගේ ඉක්මණින් හොයන්න අමාරුයි
fairoos Thursday, 02 January 2025 11:19 AM
isis හදපු අයට දැන් කරදරයි වගේ
prasanna Thursday, 02 January 2025 12:34 PM
අනේ පව් ගාසා තිරයේ පුංචි දරුවන්...