IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලස් ගත් පොලිස් ලොක්කා යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකුගෙන් ගැටලුව නිරාකරණය කරදීම සඳහා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් වටිනා ඒ සී යන්ත්‍රයක්  මිලදී ගැනීමට මුදල් ලබා ගත්තේ යැයි කියන මීගමුව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මුණසිංහ සැකකරු ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (06) නියෝග කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ මීගමුව දළුපත ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගේ කාර් රථය රෙන්ට් එකට ලබා දී තිබියදී උකස් කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල නිරාකරණය කර කාර් රථය නැවත ලබාදීම සඳහා  සැකකරු විසින් ඒ සී යන්ත්‍රයක් හා ටයර් දෙකක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවය.

පසුව ටයර් දෙක ප්‍රතික්ෂේප කර ඇති සැකකරු ඒ සී යන්ත්‍රීය සඳහා මුදල් මීගමුව ඒ සි යන්ත්‍ර විකුණන ආයතනයක කළමනාකරුවකුගේ ගිණුමට බැර කරගෙන ඇති බවද සඳහන් කළේය.

සැකකරු මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාස අපරාධ විමර්ශනාංශය තුළදී අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු අල්ලස් ලබා ගත් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

පුද්ගලික ආයතනයක කළමනාකරුවකුගේ ගිණුමකට මුදල්  බැර කර ඇති  බවට පැමිණිල්ල කරුණු ඉදිරිපත් කළද සැකකරු විසින් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බව සඳහන් කළේය.සැකකරුට ඇප නියම කරන ලෙසද ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන්  නොමැති බවත් තවත් කීපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කිරීමට ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (2)

අල්ලස් ගත් පොලිස් ලොක්කා යළි රිමාන්ඩ්

රුවන් Friday, 06 December 2024 08:18 PM

ගිය ආණ්ඩුවේ නම් ලොක්කාට උසස්වීමක් දීලා, අල්ලස් මුදලෙන් කොටසක් ඇමැති සාක්කුවේ. මේ අලුත් රජය හින්දා අපිටවත් අල්ලස් ගන්න බෑ දෙයියෝ? පව් නේ ඒ මිනිස්සු, ගෙයක් දොරක් හදා ගන්න, V8 එකක් ගන්න තියෙන අවස්ථාව නේද මේ නැති කරන්නේ? මෙහම ගියොත් ලංකාව සිංගප්පූරුව වගේ දුප්පත් වෙයි දෙයියෝ...!

:       0       0

sam Saturday, 07 December 2024 08:31 AM

නියමයි... ඒ.සී. මුණසිංහ, මේ වගේ තව කොච්චර අරගෙන ඇත්ද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site